-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මිනිස් සිරුරට ඉතා හානිකර ප්‍රතිඵල ගෙන දෙන අධිවිකිරණශීලී රසායන ද්‍රව්‍ය අඩංගු, ජපානයේ සිට ආනයනය කළ වාහන අමතර කොටස් සහිත කන්ටේනරයක් කොළඹ වරායේදී රේගු නිලධාරීන්ට සොයාගැනීමට හැකි වී තිබේ.

ජපානයේ පුකුෂිමා බලාගාරය විනාශ වූ අවස්ථාවේ ඉන් පිටව ගිය අධිවිකිරණශීලී ද්‍රව්‍ය මේ වාහන අමතර කොටස් සහිත සෙසු යන්ත්‍ර සූත්‍ර කොටස්වලට එකතු වී ඇතැයි සැක කෙරේ. පිළිකා ඇතුළු ඉතා භයානක හඳුනාගත නොහැකි තරම් දරුණු බරපතළ රෝග ඇති කරන අධිවිකිරණශීලී ද්‍රව්‍යයක් වන LESIUM (CS) 134 සහ 137 මෙම යන්ත්‍ර සූත්‍රවල අඩංගු වී ඇති බව පරමාණුක ශක්ති අධිකාරිය සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මෙම කන්ටේනරයේ අධිබලැති අධිවිකිරණශීලී රසායනික ද්‍රව්‍ය අඩංගුව ඇති බව ප්‍රථමයෙන්ම හෙළිදරව් වූයේ කොළඹ වරායේ මෙගාපෝට්හි මෙවැනි භයානක රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වන භාණ්ඩවල අඩංගුව ඇතැයි සොයා ගැනීම සඳහා සවිකර ඇති නවීන තාක්ෂණයෙන් යුත් උපකරණවල සහාය නිසාය. දකුණු ආසියාවේ රටවල් අතරින් මෙවැනි උපකරණ සවිකර ඇති එකම රට ලංකාව බව රේගු නිලධාරීහු පවසති.

ගම්පහ යක්කල ප්‍රදේශයේ වාහන කොටස් ආනයනය කරන ‍පුද්ගලයකු විසින් ගෙන්වන ලද කන්ටේනරයේ වාහන අමතර කොටස් සමඟ තිබූ පාවිච්චි කරන ලද යන්ත්‍ර සූත්‍රවල මේවා විශාල වශයෙන් අඩංගු බව කන්ටේනරයේ පිටත සිට කරන ලද පරීක්ෂණ වලින් හෙළිවී ඇත. මේ භයානක රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනරය ජපානයේ යුකෝහමා වරායෙන් නැව්ගත කර කොළඹ වරායට පැමිණ ඇත්තේ පසුගිය දෙසැම්බර් 11 වැනිදාය. අඩි 40ක් දිග කන්ටේනරයේ වාහන අමතර කොටස් ඇතුළු පාවිච්චි කළ යන්ත්‍ර සූත්‍ර කොටස් විශාල ප්‍රමාණයක් වෙයි. එය ජපාන වරායේදී පරීක්ෂාවට ලක් වී නැති බව රේගුව පවසයි.

එඑම කන්ටේනර මෙරටේදී පරීක්ෂාවට ලක් නොවී පිටතට ගෙන එනු ලැබුවේ නම් ඉන් සිදුවන විනාශ කොපමණදැයි ගණනය කළ නොහැකි බව පරමාණුක ශක්ති අධිකාරිය පෙන්වා දෙයි.
මේ නිසා එම කන්ටේනරයට පිටතින් සිට පරීක්ෂණ සිදු කර එය ආපසු යැවීමට රේගුව පියවර ගෙන තිබුණි. මීට ඉහතදී ඉන්දියාවෙන්ද මෙවැනි අධිවිකිරණශීලී රසායනික ද්‍රව්‍ය ඇතුළත් භාණ්ඩ සහිත කන්ටේනරයක් ඉන්දියාවෙන් පැමිණ තිබූ අතර මෙය දෙවැනි අවස්ථාව වෙයි. මෙම විනාශකාරී ද්‍රව්‍ය කෙසේවත් වරාය තුළදී හෝ පිටතට නොගිය නිසා මහජනතාව කිසිසේත් බිය විය යුතු නැතැයිද රේගුව පවසයි.

ශ්‍රී ලංකා රේගු නිවාරණ අංශයේ රේගු අධ්‍යක්ෂ ජනරාල් කේ.එල්.ජී.ටී. පෙරේරා, රේගු අධ්‍යක්ෂවරුන් වන කේ.ඒ.ඩී.ආර්. ක්‍රිස්ටි, ලෙස්ලි ගාමිණී, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන නිහාල් ගුණවර්ධන, පී.බී. කුලතුංග, ජේ.ඒ.ඩී. පෙරේරා, රේගු අධිකාරී පී. ප්‍රේමසිරි, සහකාර ‍රේගු අධිකාරීවරන් වන මධුක හපුආරච්චි, ප්‍රභාත් ප්‍රනාන්දු, ලක්සාල් කන්දසිරි, අචල ජයවර්ධන සහ අයි.පී. රත්නායක මහත්වරු මෙම කන්ටේනරයේ අදාළ පරීක්ෂණ සිදු කළහ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week