අඹු-සැමි බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසු සැමියකු විසින් පොල්ලකින් පහර දෙනු ලැබීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව මීගමුව රෝහලට ඇතුළත් කර සිටි 36 හැවිරිදි දෙදරු මවක් ඊයේ (13දා) උදේ මියගියාය. මෙසේ මියගොස් ඇත්තේ වයික්කාල ජුබිලි මාවතේ විසූ උදාන මොහොට්ටිගේ මනෝරුක්ෂි (36) නමැති දෙදරු මවකි.
අධික ලෙස බීමතින් සිටි බව කියන ස්වාමිපුරුෂයා හා බිරිය අතර ඇති වූ බහින්බස් වීමේදී කෝපයට පත් ස්වාමිපුරුෂයා පොල්ලක් ගෙන තම බිරියට පහරදීමෙන් බරපතළ ලෙස හිසට හානිවීම නිසා ඇය ලේ පෙරාගෙන බිම වැටුණු පසු අසල්වාසීන් විසින් මීගමුව මූලික රෝහලට ඇතුළු කරනු ලැබ ඇත. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඊයේ (13දා) උදේ මියගොස් ඇති බව පොලිසිය කියයි.සැමියා සිද්ධියෙන් පසු පලාගොස් සැඟවී සිටී. වෙන්නප්පුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.