-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක පිවිසුමෙන් පාපැදියක්‌ ඇතුළු කිරීමට ඉඩදීම සම්බන්ධයෙන් එම ස්‌ථානයේ රාජකාරි කළ පොලිස්‌ කොස්‌තාපල්වරුන් දෙදෙනකුගේ සේවය අත්හිටුවීමට නියෝජ්‍ය පොලිස්‌පති රථවාහන අංශය මගින් පියවර ගෙන ඇත.

කටුනායක පිවිසුමෙන් පාපැදිකරු අධිවේගී මාර්ගයට ඇතුළු වී සීදූව මුදල් අයකරන ස්‌ථානය දක්‌වා ගමන් කර තිබේ.

නීති විරෝධී ක්‍රියාවක්‌ සම්බන්ධයෙන් අදාළ පාපැදිකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව මීගමුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පුද්ගලික ඇපමත මුදාහැර ඇත.

මීට අමතරව මෙම සැකකරුවන්ට විරුද්ධව ලබන වර්ෂයේ (2014) අප්‍රේල් මස 21 වැනි දින නඩු පැවරීමට නියමිතය.

සැකකරු පාපැදිය ඇතුළු කළ කටුනායක පිවිසුමේ පොලිස්‌ කොස්‌තාපල්වරුන් දෙදෙනකු රාජකාරි සිදුකළ බවත්, ඒ අනුව නිසි පරිදි රාජකාරිය සිදු නොකළ එම කොස්‌තාපල්වරුන්ගේ සේවය අත්හිටවූ බවත් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week