-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මාක්ස් සහ ස්පෙන්සර් අවන්හල් පරිපාලනය විසින් මුදල් කවුළුවේ සේවය කරන මුස්ලිම් ජාතික සේවිකාවන්ට පාරිභෝගිකයාට සේවය සැලසීම සිය ආගමික ප‍්‍රතිපත්තීන් වලට යට කිරීමට අවකාශ සැලසීම බි‍්‍රතාන්‍ය මුස්ලිම් ප‍්‍රජාවගේ විරෝධයට හේතු වී ඇතැයි පැවසේ.
මාක්ස් සහ ස්පෙන්සර් වෙළඳසැලකට පැමිණි පාරිභෝගිකයකු විසින් මිලදී ගත් චැම්පේන් බෝතලයක් සඳහා මුදල් ලබාගැනීම එම වෙළඳසැලේ මුදල් කවුළුවේ සේවය කළ මුස්ලිම් ජාතික තරුණියක් විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇති අතර අන් සේවකයකු පැමිණෙන ලෙස මදක් රැඳී සිටින ලෙස ඉල්ලා ඇත.

එහිදී පාරිභෝගිකයන් විසින් වෙළඳසැල් පරිපාලනයට දොස් පවරා ඇත්තේ තමන්ට අවශ්‍ය දේ මිලදී ගැනීමට මෙවැනි හේතුවක් සඳහා රැඳී සිටින්නට සිදුවන්නේ නම් වෙනත් වෙළඳසැලකට යාමට සිදුවනු ඇති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය මුස්ලිම් කවුන්සිලයේ ප‍්‍රකාශකයකු පවසා ඇත්තේ මෙම ගැටළුව විසඳාගැනීම සඳහා මාක්ස් සහ ස්පෙන්සර් සමාගමට මීට වඩා හොඳ ක‍්‍රමවේදයක් අනුගමනය කළ හැකිව තිබුණු බවයි.

සිය ආගමික ප‍්‍රතිපත්ති මත ඌරු මස් හෝ මත්පැන් පාරිභෝගිකයා වෙත ලබාදීම යම් සේවකයකු විසින් ප‍්‍රතික්‍ෂෙප කරන්නේ නම් එමගින් පාරිභෝගික සේවාවට හානි ගෙනඑන නිසා එවැන්නකට එරෙහිවීමේ හැකියාව පරිපාලනය සතුව තිබෙන බව ඔහුගේ අදහසයි.

නොඑසේනම් කළ යුතුව තිබුණේ අදාළ සේවකයා මුදල් කවුළුවට නොව වෙනත් අංශයකය අනුයුක්ත කිරීම බවද ඔහු පවසා තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් මාක්ස් සහ ස්පෙන්සර් සමාගම විසින්ද සමාව ඉල්ලා ඇති අතර ඔවුන් විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ පාරිභෝගිකයාට සේවය සැපයීම තම ප‍්‍රධාන ප‍්‍රතිපත්තිය වුවත් අදාළ සිදුවීමේදී එය දෙවන තැනට වැටී ඇති බවයි.

බි‍්‍රතාන්‍යයේ ඉස්ලාමික ෂරියා කවුන්සිලයේ උපදේශකයකු වන කෝලා හසන් පවසා ඇත්තේ සමාගම විසින් මෙවැනි ඉල්ලීමකට අවකාශ සැලසීම විකාරයක් බවයි.

හලාල් නොකළ මස් ආහාරයට ගැනීම මුස්ලිම්වරුන්ට තහනම් වුවත් හලාල් නොවන මස් වර්ග හෝ මත්පැන් හෝ සුපිරි වෙළඳසැලකදී අලෙවි කිරීමට සහය දීම වරදක් නොවන බව ඔහුගේ අදහසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos