ගත වූ පැය 24ක කාලය තුළ බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 220 පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (24) සිට කි‍්‍රයාත්මක කර ඇති විශේෂ මෙහෙයුමේදී වැඩිම බීමත් රියදුරන් සංඛ්‍යාවක් අත්අඩංගුවට පත්ව ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 85ක්.
මේ අතර, ඊයේ (24) සහ අද (25) දිනයේ දී විවිධ අනතුරුවලට ලක්වීම හේතුවෙන් පුද්ගලයන් 367 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් 30 දෙනෙකු රෝහල් ගත කෙරුණේ මහාමාර්ගයේ සිදුවූ අනතුරු හේතුවෙන්.
කෙසේ වෙතත්, රාත‍්‍රී කාලයේදී බීමතින් රිය පැදවීමෙන් වළකින්නැයි කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා. සෑම උත්සව සමයකදීම බහුලව රිය අනතුරු වාර්තා වී ඇත්තේ රාත‍්‍රී කාලයේදී බීමත්ව රිය පැදවීම නිසා බව රෝහල් අධ්‍යක්ෂවරයා ප‍්‍රකාශ කළා.
කෙසේ වෙතත්, බීමතින් රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පැය 24 පුරා මෙහෙයුම් කි‍්‍රයාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියා.
පැය 24ක් තුළ බීමතින් රිය පැදවූ 220ක් අත්අඩංගුවට.
2013-12-25T19:16:00+05:30
Unknown
Gossip|gossip lanka|Gossip Lanka News|Sri lanka news|