එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී බස්නාහිර පළාත සඳහා එජාප මහ ඇමති අපෙක්ෂක ධුරය සම්බන්ධයෙන් මධ්‍යයට අදහස් දක්ව සිටීමෙන් වළකින ලෙස පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සියළු එජාප මන්ත‍්‍රීවරුන්ට දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා සහ රුවන් විජේවර්ධන මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනා ප‍්‍රතික්‍ෂෙප කිරීමෙන් පසු ඇති වූ තත්වය මත මෙම තීරණය ගෙන ඇත.
මහ ඇමති අපේක්‍ෂක ධුර සම්බන්ධ පුද්ගලික අදහස් පල කිරීම පක්ෂයේ තීරණයට බාධාවක් වන බවද දන්වා ඇති රනිල් වික‍්‍රමසිංහ මහතා බස්නාහිර හා දකුණු පළාත් සභා මහ ඇමති අපෙක්ෂක ධූරය සම්බන්ධයෙන් කිසිදු මන්ත‍්‍රීවරයෙක්ට පුද්ගලික අදහස් දැක්වීම් තහනම් කර තිබේ.