-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්‌වීමේදී තමන්ට අපහාසාත්මක ලෙස බැණවැදුණු බවත් සම්බන්ධීකරණ කමිටු සභාපති ඇමැති ගුණරත්න වීරකෝන් මහතා එහිදී පළාත් මන්ත්‍රීවරයාට සහාය දැක්‌වෙන පරි කටයුතු කළ බවත් පවසමින් ශ්‍රීලනිප බෙන්තර ඇල්පිටිය සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය ඊයේ (15 වැනිදා) ඇල්පිටිය පොලිසියට පැමිණිල්ලක්‌ කර ඇත. 

සභාපති ගුණරත්න වීරකෝන් ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15 වැනිදා) පෙරවරු 10.30 ට පමණ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීම ආරම්භ වී ඇති අතර ඉන් සුළු වේලාවකට පසු ආසන සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය එහි පැමිණ ඇත.

ඇය එසේ රැස්‌වීම් ශාලාවට පැමිණීමත් සමඟ එයට විරෝධය දක්‌වා ඇති පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා මහජන නියෝජිතයකු නොවන ගීතා කුමාරසිංහ මහත්මිය කමිටු රැස්‌වීමට සහභාගි වන්නේ කුමකටදැයි ප්‍රශ්න කර තිබේ.

මහජන නියෝජිතයකු නොවන ගීතා කුමාරසිංහ මහත්මියට කමිටු රැස්‌වීමට සහභාගි වීම සඳහා කිසිදු අයිතියක්‌ නැති බව ද මන්ත්‍රීවරයා එහිදී පවසා ඇත.

මේ සමඟම පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා හා ගීතා කුමාරසිංහ මහත්මිය අතර උණුසුම් වචන හුවමාරුවක්‌ ඇති වී තිබේ. මෙහිදී රැස්‌වීමේ කටයුතු පවත්වාගෙන යැමට නොහැකි වීමෙන් එය අතරමඟ නතර කිරීමට ඇමැති ගුණරත්න වීරකෝන් මහතා පියවර ගෙන ඇත.

කමිටු රැස්‌වීම සභාපතිවරයා විසින් නතර කිරීමත් සමඟ පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සිව්දෙනකු ද සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉ රිපිට විරෝධතාවක්‌ අරඹා පසුව ඊයේ (15 වැනිදා) සවස්‌ වන විට ඇල්පිටිය බස්‌නැවතුම්පළ ඉ රිපිට වාඩි වී ගීතා කුමාරසිංහ මහත්මිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා මාරාන්තික උපවාසයක්‌ ද අරඹා තිබේ.

මේ සම්බන්ධයෙන් ගීතා කුමාරසිංහ මහත්මියගෙන් අප කළ විමසීමකදී කමිටු රැස්‌වීමේදී රාජ්‍ය නිලධාරීන් ඉ රිපිට පරුෂ වචන කියමින් තමන්ට බැණවැදුණු පළාත් මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා රැස්‌වීම කඩාකප්පල් කරමින් අනවශ්‍ය ගැටුමක්‌ නිර්මාණය කළ බව සඳහන් කළාය.

ඒ පිළිබඳ පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතාගෙන් කළ විමසීමේදී ගීතා කුමාරසිංහ මහත්මිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරනතුරු තමන් උපවාසය අත්නොහරින බව ප්‍රකාශ කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week