-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රත්නපුර බස්නැවතුම්පල ඉදිරිපිට සිටින පොලිස් නිලධාරියෙකු විසින් කාන්තාවකට පරුෂ වචනයෙන් බැන වදිමින් බිමදමාගෙන පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පිලිබඳ අප ඊයේ දිනයේ හෙලිකල අතර එම පහරකෑමට ලක්වූ තරුණිය පිලිබඳ තවත් විස්තර සොයාගැනීමට අපට හැකිවුණි. 

රත්නපුර බස්නැවතුම්පොලේ වැඩිපුරම ගැවසෙන මෙම කාන්තාව බොහෝ දෙනා අතර ප්‍රචලිතව ඇත්තේ "බට්ටී" ලෙසිනි. මෙයට පෙර ලිපියේ අප හෙළිකළ ආකාරයටම මෙම කාන්තාව බස්නැවතුම්පොලේ ගැවසෙමින් සිය ජීවිකාව ගෙන යන තැනැත්තියක වේ. 

සිදුවීම සිදුවූ දිනයේ එම කාන්තාව තවත් කාන්තාවක් සමග ගැටුමක් ඇතිකරගෙන ඇති අතර එය බේරීමට පැමිණි පොලිස් නිලධාරියාටද බට්ටී විසින් බැන වැඩි තිබේ. එවිට කුපිත වූ පොලිස් නිලධාරියා ඇයට බැන වැදී ඇතිඅතර එහි ප්‍රතිපහලයක් ලෙස ඇය පොලිස් නිලධාරියාට ගලකින් ගැසීමට උත්සාහ ගෙන තිබේ. 

එම උත්සාහය වළකාලමින් පොලිස් නිලධරියා විසින් මෙම පහරදීම සිදුකොට තිබේ. 

මෙම සිදුවීම විකාශය කල ස්වර්ණවාහිණියට පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා විසින් සිය අප්‍රසාදය ලිපියක් මගින් දන්වා තිබේ. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week