-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


හික්‌කඩුව ප්‍රදේශයේ දී කෝටිපති කුඩු ජාවාරම්කරුවන් දෙදෙනකු සහ තවත් පුද්ගලයකු හෙරොයින් මත්කුඩු කිලෝ දහයක්‌ද සමග අත්අඩංගුවට ගත් පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙරට මත්කුඩු ජාලයේ මහමොළකරුවන් කිහිපදෙනකු පිළිබඳව වැදගත්a තොරතුරු රැසක්‌ අනාවරණය කරගෙන තිබේ.

අත්අඩංගුවේ පසුවන කෝටිපතින් දෙදෙනා සහ අනෙක්‌ පුද්ගලයා, හික්‌කඩුව, නාරිගම පදිංචි කේ. ඒ. ඔස්‌ටින්, වව්ලාගල පදිංචි එච්. එල්. දුෂාන්ත, හික්‌කඩුව නලාගස්‌දෙනියේ පදිංචි ඒ. එල්. ඡේ. අමර ජයලත් නමැත්තන් බවට හඳුනාගෙන ඇත.

මේ සෑම ජාවාරම්කරුවකුම ශ්‍රී ලංකාව මෙහෙයුම් කේන්ද්‍රස්‌ථානයක්‌ කර ගනිමින් දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළ වෙත හෙරොයින් මත්කුඩු බෙදාහරින අය වන අතර ඔවුන් සියලු දෙනා මේ වන විට පැහැදිලිවම හඳුනාගෙන සිටින බව පොලිසිය සඳහන් කරයි.

මෙම ජාවාරම්කරුවන් ඉතාලියේ ප්‍රබල මාෆියා කල්ලියක්‌ සමඟ සබඳතා පවත්වමින් මත්කුඩු ජාවාරම කරගෙන යන බවද පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වී ඇත. හෙළිදරව් වී ඇති අන්දමට වැදගතුන් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටිමින් මත්කුඩු ජාවාරමේ යෙදෙන මෙම ප්‍රකෝටිපතියන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය ඊයේ (15 වැනිදා) වන විට පුළුල් මෙහෙයුමක්‌ අරඹා තිබිණි.

පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය මෙම සියලු තොරතුරු අනාවරණය කරගනු ලැබුවේ මීට මාසයකට පමණ ඉහතදී මත්කුඩු කිලෝ ග්‍රෑම් තිහක්‌ රැගෙන රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රයකින් විදේශගත වීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී රේගු අත්අඩංගුවට පත් වූ ලයිබීරියා, ජාතිකයකුගේ මුදල් පසුම්බියේ තිබී සොයාගත් විසිටින් කාඩ් එකක්‌ ඔස්‌සේ සිදුකළ විමර්ශනයකින් පසුවය.

හික්‌කඩුව ප්‍රදේශයේදී මත්කුඩු කිලෝ දහය සමගින් අත්අඩංගුවට ගත් කෝටිපතින් දෙදෙනා සතුව තිබී මිලිමීටර් නවය වර්ගයේ ගිනි අවි දෙකක්‌ සමඟ රුපියල් ලක්‍ෂ එකොළහක මුදලක්‌ද පොලිසිය සොයාගෙන ඇත.

මෙම කෝටිපතින් දෙදෙනා දකුණේ පාතාල ප්‍රබලයකුව සිට දැනට ඉතාලියට පැනගොස්‌ සිටින රත්ගම විදුර නමැත්තාගේ සමීප ගෝලයින් දෙදෙනකු වන අතර මින් එක්‌ අයකු මිනිස්‌ ඝාතන ගණනාවක සැකකරුවකු බවද පොලිසිය සඳහන් කරයි.

ඉතාලියට පැනගොස්‌ සිටින රත්ගම විදුර නමැත්තා මාර්ගයෙන් දැනට හඳුනාගෙන සිටින කෝටිපති කුඩු ජාවාරම්කරුවන් ඉතාලියේ මාෆියා කල්ලියට සම්බන්ධ වී සිටින බවද පොලිසිය කළ විමර්ශනවලින් හෙළිකරගෙන ඇත.

පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතා ඇතුළු නිලධාරී කණ්‌ඩායමක්‌ මෙම මහා පරිමාණ කුඩු ජාවාරම හෙළිකර ගැනිමේ මෙහෙයුම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් කෝටිපතියන් දෙදෙනා ඇතුළු සැකකරුවන්ගෙන් රඳවා ගැනීමේ නියෝග මත වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week