-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


රුපියල් ලක්‍ෂ 500 (කෝටි 5 ක්‌) වටිනා බ්‍රවුන්ෂුගර් හෙරොයින් කිලෝ 10 ග්‍රැම් 130 ක්‌ සහ ස්‌වයංක්‍රීය ගිනි අවි දෙකක්‌ සමඟ හික්‌කඩුවේදි අත්අඩංගුවට ගත් මහා පරිමාණයේ සුපිරි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු මේ මස 19 වැනි දින දක්‌වා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවා වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීමට මීගමුව වැඩබලන මහෙස්‌ත්‍රාත් නෙල්සන් පී. කුමාරනායක මහතා අවසර ලබා දුන්නේය. 

ඊට අදාළව ඉදිරිපත් කළ තවත් සැකකරුවකුට එරෙහිව පැවැති විමර්ශනයේදී ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය නොවීම නිසා එම සැකකරු නඩුවෙන් මුදා හරින ලෙස පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ ඉල්ලීම අනුව එම සැකකරු නිදහස්‌ කර මුදා හැරීමටද වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

ස්‌වයංක්‍රීය ගිනි අවි, රුපියල් කෝටි 5 ක හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණ රැඳවුම් නියෝග මත රඳවා වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීම සඳහා අවසර ලබා දෙනු ලැබූ සැකකරුවන් දෙදෙනා වූයේ හික්‌කඩුව නාරිගම පදිංචි එස්‌. කේ. ඔස්‌ටින් සහ පිළියන්දල නාම්පමුණුව පදිංචි එච්. එල්. ඩී. දුෂ්‍යන්ත ප්‍රියදර්ශන නමැත්තන්ය.

නිදහස ලැබූ සැකකරු වූයේ හික්‌කඩුව පැලැන්ගස්‌හන්දියේ පදිංචි ටී. කේ. අමර ජයලත් නමැත්තෙකි. හෙරොයින් ජාවාරමට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනා භාරයේ තිබී ස්‌වයංක්‍රීය පිස්‌තෝල දෙකක්‌. එම ජීව උණ්‌ඩ 25 ක්‌, පතරොම් ගැබ් 2 ක්‌ සහ රුපියල් ලක්‍ෂ 11 ක්‌ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජාවාරම පිළිබඳව පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනාවරණය වූයේ ශ්‍රී ලංකාව හරහා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක යෙදුන කොපර් හර්බට්‌ (45) නමැති ලයිබීරියානු ජාතිකයා රුපියල් කෝටි 1 1/2 ක්‌ වටිනා බ්‍රවුන් ෂුගර් නමැති ඉස්‌තරම් හෙරොයින් කිලෝ 30 ක්‌ සමඟ කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරු ඔහුගෙන් ලද තොරතුරු මතය. මෙම ලයිබීරියානු ජාතිකයා මහා පරිමාණයෙන් ශ්‍රී ලංකාවට සහ අවට රටවල් රැසකට හෙරොයින් බෙදා හරින නියෝජිතයකු බවද වාර්තා වේ. පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැමිණිල්ල මෙහෙයවිය. වැඩිදුර විභාගය මේ මස 19 වැනිදා පැවැත්වේ.
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week