-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඇල්පිටිය - උඩුමුල්ලවත්ත ඇත්කඳුර ප‍්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකුට පොලිසිය විසින් පහරදී ඉන් එක් අයෙකු රෝහල් ගත කර ඇති බවට පහරකෑමට ලක්වූ තරුණයෙකුගේ පියෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට ප‍්‍රකාශ කළා. මෙලෙස මෙම තරුණයින් දෙදෙනා ඊයේ (10) පස්වරුවේ පහරකෑමට ලක්ව ඇත්තේ ඇත්කඳුර - සීවලි විද්‍යාල ක‍්‍රීඩාංගනය ආසන්නයේදීයි. කප්පම් ලබා ගැනීමට ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පැමිණි ඇල්පිටිය පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් වැරදීමකින් තම දරුවන්ට පහරදී ඇති බවයි පහරකෑමට ලක්වූ තරුණයෙකුගේ පියෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මෙලෙස පහරකෑමට ලක්ව ඇල්පිටිය මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබන්නේ ඇල්පිටිය - ඇත්කඳුර ප‍්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි දිනේෂ් කාරියවසම්.

මෙලෙස සැකකරුවෙකු ලෙස සිතා වැරදීමකින් තරුණයින් දෙදෙනෙකුට පහරදීමක් සිදුකර ඇත් ද යන්න පිළිබඳව හිරු ප‍්‍රවෘත්ති අංශය ඇල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු ප‍්‍රකාශ කළේ එවැනි සිදුවීමක් පිළිබඳව තමන් නොදන්නා බවයි.  

කෙසේ වෙතත්, මේ පිළිබඳව හිරු ප‍්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ පොලිස් පහරදීමකින් තරුණයෙකු රෝහල් ගත කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week