නාගරික සංවර්ධන අධිකාරිය මගින් නවීකරණය කරන ලද කොළඹ තුරඟ තරඟ පිටියේ දෙවන අදියරය පසුගියදා විවෘත කෙරුණේ කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉතා විචිත්‍රවත් අයුරින් පැවැත්වුණු මෙම උත්සවය සදහා අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්.පීරිස්,ඒ.එච්.එම්.ෆව්සි,රාජිත සේනාරත්න, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.