-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මාතර සිට මහනුවර බලා ඊයේ (27 වැනිදා) සවස ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක එන්ජිම කොටස වේයන්ගොඩ වඳුරව දුම්රිය ස්‌ථානය ආසන්නයේදී හදිසියේ ගිනි ගැනීම නිසා භීතියට පත්ව දුම්රියෙන් පිටතට පනිනු ලැබූ මගීන් පිරිසකගෙන් දෙදෙනකු කොළඹ කොටුව බලා ධාවනය වූ වෙනත්a දුම්රියක ගැටීමෙන් මියගොස්‌ ඇති අතර තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා තිබේ. 

මියගිය පුද්ගලයන් දෙදෙනා සහ බරපතළ තුවාල ලැබූ අය පිරිමි පුද්ගලයෝ වෙති. බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යෑවූ බව වතුපිටිවල රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය සිසිර විඡේසුන්දර මහතා පැවසීය.

මාතර සිට නුවර බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රිය ඊයේ (27දා) පස්‌වරුවේ කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයට ළඟා වීමෙන් පසු පස්‌වරු 5.45 පමණ කොළඹ කොටුවෙන් පිටත්ව නුවර බලා ගමන් අරඹා ඇත.

එසේ ධාවනය වූ දුම්රිය වේයන්ගොඩ සහ වඳුරව දුම්රිය ස්‌ථාන පසුකර ඉදිරියට ඇදෙද්දී පස්‌වරු 6.45 ට පමණ වේයන්ගොඩත් පල්ලේවෙලත් අතරමැදි ප්‍රදේශයකදී දුම්රිය එන්ජිම කොටසින් එක්‌වරම ගිනි ගැනීමක්‌ සමග විශාල දුමාරයක්‌ පිටව ඇත.

ඒ සමගම භීතියට පත් දුම්රිය මගීන් දුම්රිය කවුලු සහ දොරටුවලින් පිටතට පැනීමට පටන්ගෙන තිබේ. එසේ දුම්රියෙන් පිටතට පැන්න අයගෙන් කිහිපදෙනකු දුම්රියේ සිට ප්‍රතිවිරුද්ධ දෙසට ඇති දුම්රිය මාර්ගයට පැන ඇත.

එසේ ඔවුන් දුම්රිය මාර්ගයට පනිනවාත් සමග එම ස්‌ථානය පසුකර පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ඉන් තිදෙනකු ගැටීමෙන් දෙදෙනකු මියගොස්‌ එක්‌ පුද්ගලයකු බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය සිදු කළ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

මෙම සිද්ධියත් සමග එම ස්‌ථානයට රොක්‌ වූ ප්‍රදේශවාසීන් තුවාලකරුවන් වහා රෝහල්ගත කිරීමටත් දුම්රිය එන්ජිමේ ඇතිවූ ගින්න නිවා දැමීමටත් කටයුතු කර තිබිණි.

ගිනි ගැනීමෙන් දුම්රිය එන්ජිමට බරපතළ හානියක්‌ සිදුව නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරි ජී. ඒ. පී. ආරියරත්න මහතාගෙන් ඊයේ රාත්‍රි අප කළ විමසීමකදී පැවසුවේ දුම්රිය එන්ජිමේ ඇති වූ ගිනි ගැනීම පිළිබඳ පරීක්‍ෂණයක්‌ පැවත්වීම සඳහා දුම්රිය ඉංජිනේරුවරයකු ඊයේ පස්‌වරුවේම සිද්ධිය වූ ස්‌ථානයට පිටත් කර හැරිය බව ය.

එම පරීක්‍ෂණයෙන් පසු සිද්ධිය පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක්‌ කළ හැකි බව සඳහන් කළ ඒ මහතා ගිනි ගැනීම සිදුවූ දුම්රිය එන්ජිම යළි කොළඹට ගෙන්වා ගැනීමටත් වෙනත් එන්ජිමක්‌ යොදවා මහනුවර දුම්රිය යළි ධාවනය කිරීමටත් ඊයේ රාත්‍රියේම කටයුතු කළ බවද කීවේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos