සිංගප්පූරුව, මැලේසියාව, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඉන්දියාව මෙරට නාවික කර්මාන්තයට තර්ජනයක් වන ආකාරයෙන් වරාය මෙහෙයුම් කටයුතු කරන රටවල් අතරට සිටින්නේ යයි වරාය, මහා මාර්ග සහ නාවික ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කළ පිළිතුරක සඳහන් වන්නේ ඕමානයේ සලාලාහ් වරාය, සිංගප්පූරුවේ සිංගප්පුරු වරාය, මැලේසියාවේ ක්ලැන්ග් සහ ටැන්ජුන්ග් පෙලපාස් වරායන්, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජෙබෙල් අලි සහ කෝර්ෆක්කාන් වරයාන් සහ ඉන්දියාවේ කොචින්, චෙන්නායි සහ ජවහල්ලාල් නේරු වරායන් මෙසේ ලංකාවට තර්ජනයක්වන ආකාරයට වරාය මෙහෙයුම් කරන බවයි.
නැගෙනහිර ඉන්දියානු වෙරළේ බංගලිදේශයේ සහ මියන්මාරයේ නැව් බඩු ආකර්ශනය කර ගැනිමට සිංගප්පූරුව උත්සාහ කරද්දී ඉන්දියානු අර්ධද්විපයේ නැව් බඩු ප්‍රති අපනයනයන් වැඩි වැඩියෙන් ආකර්ශනය කර ගැනිමට ඕමානය කටයුතු කරන බවද එම පිළිතුරේ සදහන්ය.
මැලේසියාව ඉන්දියානු උප මහාද්විපයේ ප්‍රති අපනයන භාණ්ඩ ආකර්ශනය කර ගැනිමට වෑයම් කරන අතර නැව් සේවා ආයතන සමඟ හවුල් ව්‍යාපෘතිවලට සහභාගිවෙමින් සිටින බවත් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තිබෙන වරායන් දෙකම ගෝලිය වරාය පර්යන්ත මෙහෙයුම්කරුවන් බවත් ප්‍රති අපනයන භාණ්ඩ ආකර්නය කර ගැනිමට ඔවුන් කටයුතු කරන බවත් සදහන්ය.
මෙම තර්ජනයන්ට මුහුණදීමට නම් ශ්‍රී ලංකාවේ පවතින වරයාන්වල නව යටිතල පහසුකම් පුළුල් කිරිමෙන් නව ධාරිතාවයන් ඇතිකර නැව් සේවාවන්හි ඉල්ලුමට ප්‍රතිචාර දැක්විය යුතු බවත් එම ලේඛනයේ දැක්වේ.