මාළඹේ ප‍්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ 14 හමාරක මුදලක් කොල්ල කා පළාගිය සැකකරුවන් දෙදෙනා සොයා පොලීසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අතුරුගිරිය පොලීසිය සඳහන් කළේ බැංකුවේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේද කොල්ලය සිදුකළ ආකාරය සටහන් වී ඇති බවයි. අද (26) උදෑසන 11.25 ට පමණ ගණුදෙනුකරුවන් ලෙස බැංකුව තුළට පැමිණි සැකකරුවන් එහි සේවකයන්ට සහ ගණුදෙනුකරුවන්ට ගිනි අවි පෙන්වා මෙම මුදල් කොල්ලය සිදුකර තිබුණා. පසුව ඔවුන් පැමිණ තිබූ යතුරුපැදියෙන්ම පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.