-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


සිහින් උස සිරුරකට හිමිකම් කියන අල්මා එරන්දි වීරසිංහ සිය ගමන් මගේ සුවිශේෂ ජයක් පසුගියදා හිමි කරගත්තාය.
ඒ පැරිසියේ මීගමු සංවිධානය පැවැත්වූ “ මිස් ශ්‍රී ලංකා ඉන් ෆ්‍රාන්ස් 2013” හි දී “TOP MODEL” ලෙස කිරුළු පලදමිනි .
සොළොස් වැනි වියට පා තබා සිටින අල්මා තවමත් උසස් අධ්‍යාපනයේ නියැලී සිටින සිසුවියකි.
“මට කිසිම බලාපොරොත්තුවක් තිබුනේ නැහැ ජයග්‍රහණයක් හිමි වෙයි කියලා. විනොදෙට වගේ තමයි ඉදිරිපත් වුනේ” ඒ අල්මාගේ හඞයි.
එත් මේ අවස්ථාවට සහභාගී වීම තුළ “ මිස් ශ්‍රී ලංකා ඉන් ෆ්‍රාන්ස් 2013” හි සිව්වන ස්ථානයත් ඇයට හිමිවූවාය.
එසේම ඇයට තවත් අලුත් අත්දැකීම් රැසක් ද ජීවිතේට එකතු කරගන්නට හැකියාව ලැබී තිබේ.
ඇය සිය ජයග්‍රහණය ගැන මෙසේද පැවසුවාය.
“ තරගයට එක් වෙලා හිටිය අපි හැමෝම හොඳ යාලුවෝ වගේ සහයෝගයෙන් මුළු කාළෙම වැඩ කලේ . දැන්නම් මට ඕනෙම වේදිකාවක , ඕනෙම ජනකායක් මැද්දේ ශක්තිමත්ව මුහුණදීලා මගේ ඉදිරිපත් කිරීම් කරන්න පුළුවන් . මේකෙදි මම ඒ අත්දැකීම ලබාගත්තා . ඇත්තටම වේදිකාව මට දැන් හරිම නිදහස් තැනක් “
පැරිසියේ උපන් අල්මා පුංචි කලේ ඉදලම ලස්සනට අදින්න පළදින්න කැමති බව පැවසේ.
”පැරිස් කියන්නේ ඉතින් ෆැෂන් නේ මම පොඩි කලේ ඉදලම ටිකක් ෆැෂන් කරා .මෙතැනදී මම ගොඩක් මොඩලින් ගැන ඉගෙනගත්තා . බොලිවුඩ් නැටුම් නම් ඉගෙනගත්තේ තනියම අන්තර් ජාලයෙන් , ලංකාවේදි “වන්නම්” ඉගෙනගත්තා . ලබන අවුරුද්දේ මම භාරත් , කතකලි , වගේ සම්ප්‍රදායික නැටුම් ඉගෙන ගන්න හිතාන ඉන්නවා “ යනුවෙන්ද ඇය සිය නර්තනය ගැන උදම් අනන්නීය.
“ මිස් ශ්‍රීලංකා ඉන් ෆ්‍රාන්ස් 2013 හි ටොප් මොඩ්ල් වීමත් සමග මෝස්‌තර නිරුපනයේ හා දැන්වීම් වල පෙනිසිටීමේ අවස්ථා කිහිපයක්ම උදාවිණි . ඒ අතර ප්‍රංශයේ ප්‍රකට සුවඳ විලවුන් ආයතනයක් වන CHANEL ද අයත් . ‘ ෂැනෙල් ආයතනයේ දැන්වීම් සඳහා සුදුසුකම් පරීක්ෂණයකට මට ඉන්වයිට් කරලා තියෙනවා , තවත් වෙළඳ දැන්වීම දෙකකට කතා කරලා තියෙනවා” .
අල්මාගේ දෙමාපියන් ප්‍රංශයට සංක්‍රමණය වී ඇත්තේ 80 දශකයේ අවසන් භාගයේ ශ්‍රි ලංකාවේ පැවති භීෂණකාරී දේශපාලන වටපිටාව හේතුවෙනි.
අගුණකොලපැලැස්ස, අලුත්වැව ඔවුන්ගේ මුල්ගම් වේ.
මේ වන විට සංචාරක හෝටලයක් පවත්වාගෙන යන ඔවුන් තවත් පිරිසකට ආදායම් මාර්ගයන්ද සලසා ඤිබේ.
දශක ගණනාවක් පුර පැවති යුද්ධය හේතුවෙන් පසු බෑමකට ලක්වුණුද ලංකාව සුන්දර රටක් ලෙසයි අල්මා හැමෝටම පෙන්වා දෙන්නේ . “ මගේ නම් කිසිම තරහක් නැහැ දෙමළ අයත් එක්ක . යුද්ධ කරන්නේ පොලිටික්ස් කරන අය. සිංහල , දෙමළ, මුස්ලිම් අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ . මෙහෙදී ඔක්කොම සහයෝගයෙන් ඉන්නවා”.
තම වයසේ පසුවන ශ්‍රී ලංකික තරුණියන් ගැන සිය අත්දැකීම් එක් කරමින් “අපිට මෙහෙදී ලැබෙන අවස්ථාවන් මගේ වයසේ ඉන්න ලංකාවේ කෙල්ලන්ට ලැබෙන්නේ නැහැ . අපිට මෙහෙ ඉගෙනගන්න , විනෝද වෙන්න උපරිම නිදහස තියෙනවා , එත් ලංකාවේ ගොඩක්ම ගැහැණු ළමයි හිර වෙලා ඉන්නේ .ඒ ඇයට කැමති දෙයක් , දක්ෂතාවයක් පෙන්වන්න පුළුවන් අවස්ථාවන් අඩුයි . මම එයාලට කියන්නේ කාටවත් බයවෙන්නේ නැතුව , තමන්ගේ දක්ෂතාවයන් , හැකියාවන් දියුණු කරගන්න අවස්ථාව හදාගන්න කියල.”
දැනට පැරිසියේ උසස් පාඨශාලා අධ්‍යපනය හදාරන ඇගේ මුලික අරමුණ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමය.
ඇය සිය වදන්වලින් අපට කියා සිටියේ මෙසේය.
“ ව්‍යාපාර අධ්‍යයන අංශයෙන් පුළුවන් තරම් ඉහලට ඉගෙනගන්න තමා මගේ බලාපොරොත්තුව. ඊට අමතරව වෙලාව තියෙන හැටියට “මොඩ්ලින්” වලට අවස්ථාව දෙනවා . ඒ පැත්තෙන් මම සාර්ථක වුනොත් පස්සේ ඒ ගැන හිතනවා.”
සටහන - අතුල විතානගේ
සේයා රූ අනුග්‍රහය - පැරිසියේ මීගමු සංවිධානය 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos