කැලණිය පට්ටිවල සපුගස්කන්ද තෙල් පිරිපහදුව මාර්ගයේ තෙල් පිරිපහදුව දෙසට ගමන් ගත් ත්‍රිරෝද රථයක ගමන් කළ හය හැවිරිදි දැරියක් ත්‍රිරෝද රථයෙන් එළියට විසිවී මාර්ගය මැදට වැටීමෙන් ලොරි රථයකට යටවී මියගොස් තිබේ.
දැරිය මහමඟට ඇද වැටෙනවාත් සමඟ තෙල් පිරිපහදුවේ සිට පට්ටිවල දෙසට ධාවනය වූ ලොරි රථයට දැරිය යටවීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය බව පොලිසිය කියයි.
මේ අනතුරින් මියගොස් ඇත්තේ තනිති රුහන්සා නමැති 6 හැවිරිදි දැරියකි. ලොරි රථයේ රියැදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදුකිරීමට නියමිතව තිබිණි. කැලණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.