යොවුන් නිළියක වන ගයාත්‍රී රාජපක්ෂගේ පෙම්වතා ඇය විවාහකරගැනීමට සිටියදී තවත් කෙල්ලක් හා හාදවී ඇතැයි වාර්තා වේ.
ඇයට මෙසේ වංචාකර ඇත්තේ ඇගේ පෙර පෙම්වතාය.
ගයාත්‍රි ගේ වත්මන් පෙම්වතා නමින් මධුසංඛ පන්වෙලය ඔහු ඇයට යෝජනාවකින් හමුවූ අයෙකි.
ඇගේ පරණ පෙම්වතා සංජයය.
ඔහු ඇයට මුලින්ම හමුව ඇත්තේ පාසල් කාලයේදීය.
එකල සංජය ඇයට ආදරය කළත් ඇය සංජයට ආදරය නොකළ බවද ඇය කියන්නීය.
ඒ ආදරය ඒ කාලයේදි ටිකක් දුරස් වුවත් පසුව ඇය නාවල විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන්නට පැමිණි සමයේදී ඔහුද එහි ශිෂ්‍යෙයක් බැවින් එය අලුත් වූ බවද ඇය පවසා තිබේ.
අලුත් වූ ආදරය ගෙදරටද කී බව කියන ගයාත්‍රී පසුව ගෙවල් දෙකෙන්ම ඊට අවසරයද හිමිවූ බව ඇය කියන්නීය.
පසුව සංජයට පිට පළාතක රැකියාවක් ලැබුණු බවත්, ඔහු එහිදී තවත් ගෑනු ළමයෙක් හා හාදවීම නිසා ඒ පෙම බිදීගිය බවද ඇය හෙළිකර තිබේ.