-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දුරකථන ඇමැතුම් හරහා උසස් පොලිස් නිලධාරින් සහ අමාත්‍යාංශවල නිලධාරීන් බව පවසමින් ජනතාව බියකර බැංකු ගිණුම්වලට මුදල් දමා ගැනීමේ කූඨ ව්‍යාපාරයක් මේ වන විට රටේ ක‍්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.


මෙවැනි වංචාකාරයන් නීතියේ රැහැනට අසුකර ගැනීම සඳහා විශෙෂ වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

‘සමහර හෝටල් ව්‍යාපාරිකයන්ට සෞඛ්‍ය බලධාරීන් ලෙස කතා කරලා හෝටලය අපිරිසිදුයි නීතියෙන් කටයුතු නොකර සිටීමට නම් අසවල් බැංකු ගිණුමට මුදල් දමන්න කියනවා.

තවත් ව්‍යාපාරිකයින්ට ත‍්‍රස්ත විමර්ෂන අංශයේ නිලධාරින් ලෙසට කතාකර ත‍්‍රස්ත කටයුතුවලට සම්බන්ධ බවට හෙළිවී ඇති නිසා නීතියෙන් කටයුතු නොකර සිටීමට යැයි පවසා බැංකු ගිණුමිවලට මුදල් ලබා ගන්නවා.

කාට හෝ මෙවැනි දුරකථන ඇමැතුම් ආවහොත් වහාම 0112854880 දුරකථන අංකයට කතා කර දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා’ යැයිද මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos