පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවෙන් පසුව ශ‍්‍රී ලංකාවට ඵල ප‍්‍රයෝජනය ලබා ගැනීමට නම් රට අත්සන් කර ඇති ප‍්‍රඥප්තිවලට අනුව කටයුතු කල යුතුව ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
මානය අයිතිවාසිකම් සුරැකීම, අධිකරණයේ ස්වාධීනත්වය, මාධ්‍ය නිදහස ඇතුළු ප‍්‍රඥප්ති ගණනාවකට ශ‍්‍රී ලංකාව අත්සන් තබා ඇති බැවින් ඒවා නොසලකමින් ඉදිරියට ක‍්‍රියා කලහොත් සමුළුව පැවැත්වීමෙන් කිසිදු ප‍්‍රායෝජනයක් රටට සිදු නොවනු ඇතැයිද ඒ මහතා සඳහන් කරයි.
බිලියන ගණනක මුදල් වියදම් කර මෙම සමුළුව පැවැත්වීමෙන් නිසි ප‍්‍රයෝජන ලබා ගැනීමට රජය කිසිදු පියවරක් ගත් බවක් පෙනෙන්නට නැතැයිද කී ඒ මහතා රජය තවදුරටත් හිතුවක්කාරී ලෙස කටයුතු කලහොත් සමුළුවෙන් පසු තව තවත් ප‍්‍රශ්ණවලට මුහුණ දීමට සිදුවනු ඇතැයිද සඳහන් කරයි.