-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බෝර ‍ෙදාළහේ පතරොම් තුවක්කු දෙකක් සන්තකයේ තබාගත් බව කියන කාන්තාවක් 05 දින සැකපිට අත්අඩංගුවට ගත් බව මධ්‍යම කදවුර පොලිසිය කියයි.
එම කාන්තාවගේ නිවෙසේ තිබී මෙම ගිනි අවි සොයාගෙන ඇත. අඹුසැමියන් අතර ඇති වූ සිද්ධියකදී කෝපයට පත් සැකකාර කතගේ සැමියා එම නිවෙසේ ගිනි අවි දෙකක් ඇති බවට පොලිසියට ලබාදුන් තොරතුරකට අනුව එහි ගිය පොලිසිය සැකකාර කත සමඟ එම ගිනි අවි පොලිසිය භාරයට ගෙන ඇත.

පසුගිය කාලයේ එම ප්‍රදේශයේ ගම් ආරක්‍ෂාව සඳහා පුද්ගලයන්ට ගිනි අවි නිකුත් කළ අවස්ථාවේ මෙම තුවක්කු එම සැකකාර කතගේ පියාට සහ සැමියාට ලබාදී ඇති බවට සැක පළකරන පොලිසිය ඒ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.මධ්‍යම කඳුකර පොලිසියේ ස්ථානාධිපති රෝහණ මුණසිංහ මහතාගේ උපදෙස් මත එහි නිලධාරීහු පරීක්‍ෂණ පවත්වාගෙන යති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week