-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තවත් දශක කීපයක් යනවිට ශ‍්‍රී ලංකාවේ පිරිමින්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට පිරිමින් සදහා වෙනම අමාත්‍යංශයක් සහ පිරිමි කාර්යංශයක් පිහිටුවන්න සිදුවනු ඇතැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
උපාධිධාරී අභ්‍යාසලාභී යෝජනා ක‍්‍රමය යටතේ පුහුණුව ලැබූ උපාධිධාරීන් හතලිස් හත්දෙනෙකුට ස්ථීර පත්වීම් ලිපි පිරිනැමීම නිමිත්තෙන් හබරාදුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති උත්සවයකදී ඒ මහතා මේ බව පැවසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ චන්දිම වීරක්කොඩි මහතා මෙසේද කීය.
‘සමහර නිලධාරීන් දේශපාලඥයන්වත් අන්දන්න හදනවා. හැම එකටම ‘හරි සර්,ඔක්කොම හරි සර්’කියනවා. එවැනි නිලධාරීන් තේරුම් ගෙන කටයුතු කිරීමට සිදුවී තියෙනවා.
අද මෙම ස්ථානයේ ඉන්න බහුතරයක් කාන්තාවන්.කාන්තාවන් සදහා වනිතා කටයුතු යනුවෙන් වෙනම අමාත්‍යංශයක් තියනවා. ඒ වගේම කාන්තා කාර්යංශයක්ද වෙනම තියනවා. අද බලන බලන හැම මුල් පුටුවකම වගේ ඉන්නේ කාන්තාවන්. පාර්ලිමේන්තුව හැරුණු විට අධිකරණය,අමාත්‍යංශ,ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල,වෛද්‍ය,නීති වෘත්තීන් වල වැඩියෙන් ඉන්නේ කාන්තාවන්.අද ගුවන් නියමු තනතුරටත් කාන්තාවන් බදවා ගැනීමට යනවා.මෙය හොද ප‍්‍රවණතාවක්.
මේ ප‍්‍රවණතාවය තවත් ඉදිරියට ගියොත් තවත් දශක කීපයක් යනවි ශ‍්‍රී ලංකාවේ පිරිමින්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට පිරිමින් සදහා වෙනම අමාත්‍යංශයක් සහ පිරිමි කාර්යංශයක් පිහිටුවන්න සිදු වේවි.අපි බොහෝ විට නිලධාරීන් පිළිබද සම්බන්ධීකරණ කමිටුවේ දී හොද කියනවා.
ඉදහිට අතලොස්සක් නිලධාරීන්ට වැරදි කියන්නත් සිදු වෙනවා.හරියට වැඩ කරන නිලධාරීන්ට හොදයි කියනවා වගේම වැඩ බකල් කරන නිලධාරීන්ට ඇගිල්ල දික් කරන්න අපි කිසිම විටෙක පැකිලෙන්නේ නැහැ.ඒ නිසා නිලධාරීන් තේරුම්ගෙන කටයුතු කරන්න  ඕනේ’

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week