චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ නම භාවිතා කර පුද්ගලයන් රවටා කැනඩාවේ රැකියා දිය හැකි යයි පවසමින් මුදල් වංචා සිදු කරන කාන්තාවක සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව කොළඹ වංචා විමර්ශන අංශය කොළඹ වැඩබලන ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඒ. නිශාන්ත පීරිස් මහතා වෙත දැනුම් දී තිබේ.
මෙලෙස වංචාවේ යෙදී සිටින්නේ දීලූපා විජේගුණසේකර හෙවත් අමා නමැත්තියක් බවට හිටපු ජනාධිපතිනිය පොලිස්පතිවරයාට ලිබිතව පැමිණිලිකර ඇතැයි ද වංචා විමර්ශන අංශය අධිකරණයට සඳහන් කර ඇත.
පැමිණිල්ලට අදාළව ඉදිරිපත් කෙරෙන ජංගම දුරකථන අංකය සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර වාර්තාවක් ලබා ගත යුතු බව ද සඳහන් කළ වංචා විමර්ශන අංශය එම කාන්තාව පිළිබඳ විස්තරයක් ආනාවරණය වී නැතැයි ද වැඩිදුරටත් අධිකරණයට දන්වා ඇත.