-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මියගිය අයගේ පෙට්‌ටිය යට සුනඛයා සිටින අයුරු.

තිරිසන් සතකු සිය ස්‌වාමියාගේ අකල් වියෝව දරාගත නොහැකිව කම්පනයට පත්ව නොකා නොබී සිටීමේ පුවතක්‌ ගලේවෙල දැඹව ගම්මානයෙන් වාර්තා වේ.

පසුගිය අට වැනි දින දැඹව ගම්මානයේ ඒ. ජී. ශාන්ත වික්‍රමනායක (52) නමැති දෙදරු පියා හදිසියේ මිය ගියේය. ඔහුගේ මෘත ශරීරය නිවසට ගෙනා මොහොතේ සිට ෂිජී නමැති ආදර නාමයෙන් හඳුන්වන වයස අවුරුදු එකහමාරක්‌ පමණ වන මේ සුනඛයා සොවින් බරව මිනීපෙට්‌ටිය යටට වී සිටිනු එහි ගිය කාටත් දක්‌නට ලැබුණා. එම සුනඛයා දින තුනක්‌ තිස්‌සේ ආහාර නොගෙන තම ස්‌වාමියාගේ වියෝවෙන් කම්පා වී මිනීපෙට්‌ටිය යටට වී සිටින බව මියගිය අයගේ වැඩිමහල් සොයුරු ඒ. ජී. නිමල් තිලක (57) යන අය අපට පැවසීය. පසුගිය 10 වැනිදා සන්ධ්‍යාවේදී තම ස්‌වාමියා අවසන් ගමන් යන අයුරු මේ සුනඛයා බලා සිටි අයුරු කාගේත් සිත් කම්පා වූ දසුනක්‌ බවට පත්විය. අද සමාජයේ ඇතැම් මිනිසුන්ගේ මිනිස්‌කම වියෑකෙමින් තිබෙන වකවානුවක මේ තිරිසන් සතා දැක්‌වූ කෘතගුණ සැලකීම බොහෝ අයට සිතන්නට මගක්‌ විවර කර දී ඇත.
ගලේවෙල විශේෂ
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos