-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වසා දැමීමට සිදුවීම හේතුවෙන් දිනකට හය කෝටි හතළිස් හය ලක්ෂ අසූ දාහක අමතර වියදමක් දැරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සිදුවී ඇත.

පිරිපහදුව ක්‍රියාත්මක කෙරෙන කාලයේදී පිරිපහදු කෙරෙන ඉන්ධන වර්ග පිරිපහදු ඉන්ධන ලෙස විදේශයෙන් ආනයනය කිරීමට සිදුවීම සංස්ථාව මෙසේ පාඩු ලැබීමට හේතු වී තිබේ.

පිරිපහදුව ක්‍රියාත්මක කෙරෙන කාලයේදී දෛනිකව පිරිපහදුවේ පෙට්රල් මෙට්රික් ටොන් 600ක්, ඩීසල් මෙට්රික් ටොන් 1400ක්, ගුවන් යානා ඉන්ධන මෙට්රික් ටොන් 500ක් හා භූමිතෙල් මෙට්රික් ටොන් 300ක් නිපදවයි.

මෙකී ඉන්ධන වර්ග නිපදවීම මේ වන විටද පිරිපහදුවේ අඩාලවී ඇත. සෑම වර්ගයකම පිරිපහදු ඉන්ධන ගෙන්වීමේ වියදම් දැරීමට සිදුවීමෙන් ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ යෑමේ තත්ත්වයක්ද උද්ගත විය හැකි බව ඛනිජ තෙල් සේවක සංගම් අනතුරු අඟවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week