කොළඹ කාටස් වෙළදපොළේ ලියාපදිංචි වීමේ අවස්ථාව මහජන කොටස් නිකුතුවක් නොකළ සමාගම් වලටද දීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව තීරණය කර ඇත.
සමාගම් හාරසියයක් 2016 වසර වනවිටලැයිස්තුගත කිරීමේ ඉලක්කයට ළගාවීම සදහා මෙම තීරණය ගෙන ඇත.
මේ වනවිට කොටස් වෙළදපොළේ සමාගම් 288ක් පමණ ලැයිස්තුගත වී ඇත.2016 වනවිට එම සංඛ්‍යාව තවත් සියයකින් ඉහළ දමා ගැනීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අපේක්ෂා කරයි.
මහජන කොටස් නිකුතුවක් නොකර කොටස් වෙළදපොළේ ලියාපදිංචි වීමේ අවස්ථාව මීට පෙර දී තිබූ අතර පසුව එම අවස්ථාව නවතා දමනු ලැබීය.