-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලෝක විනාශය සිදුවන දිනයන් බොහෝ ගණනක් පසුවී ගොස් ඇති නමුත් තවත් වසර 847කින් මත්තෙහි එලඹිය හැකි එවැනි දිනයක් පිළිබඳව විද්‍යාඥයන් මින් වසර 50කට පෙරම දැනසිටි බව පැවසේ.

1950DA ලෙස හැඳින්වෙන ඇස්ටරොයිඩයක් 2880 මාර්තු 16දින පෘථිවිය සමග ගැටමේ අවදානමක් ඇතැයි ගණන් බලා තිබේ.

විෂ්කම්භයෙන් සැතපුම් 2/3ක් පමණ වන එය පෘථිවියට සාපේක්ෂව තත්පරයට කිලෝමීටර 15ක වේගයෙන් ගමන් කරයි.

පැයට සැතපුම් 38000ක වේගයෙන් එය පොළාවේ ගැටෙනු ඇති අතර එමගින් ටී.එන්.ටී පුපුරණ ද්‍රව්‍ය මෙගාටොන් 44800කට සමාන පිපුරුමක් සිදුකරනු ඇත.  කෙසේවෙතත් මෙය සිදුවීමේ සම්භාවිතාව 0.3% පමණකි.

එය අනෙකුත්  ඕනෑම ඇස්ටරොයිඩයක් ගැටීමට ඇති සම්භාවිතාවට වඩා 50%ක ඉහළ අගයක් බවද පැවසේ.  1950 පෙබරවාරි 23දා සොයාගනු ලැබූ මෙම ග‍්‍රහකය දින 17ක් නිරික්ෂණය කිරිමෙන් අනතුරුව අතුරුදන් වූ අතර වසර 50කට පසු 2000 දෙසැම්බර් 31දා සොයාගත් ආකාශ වස්තුවක් එයම බව තහවුරු කරගැනිණි.

කෙසේවෙතත් විද්‍යාඥයින් පවසන්නේ වසර සියගණනක් එපිටින් පවතින හෙයින් මෙම ගැටුම වැළැක්වීම සඳහා මානවයා යම් දියුණු තාක්ෂණික පියවරක් ගනු ඇති බවයි.

මේ වන විට පෘථිවියට අනතුරුදායක විය හැකි ඇස්ටරොයිඩයන් 1400ක් පමණ සොයාගෙන ඇති අතර ඒවා පිළිබඳව සොයාබැලීම සඳහා නියෝකැම් නම් සංවේදක කැමරාවක් පෘථිවිය හා සඳ අතර මෙන් සිව් ගුණයක් දුරකින් අභ්‍යවකාශයේ ස්ථානගත කිරීමට නාසා ආයතනයේ අවධානය ලක්වී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos