පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා පෙරහුරුවක් හේතුවෙන් අද පෙරවරු 6.00 සිට දහවල් 12.00 දක්වා කොළඹ නගරයේ මාර්ග රැසක විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මුලස්ථානය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, මේ යටතේ ඇතැම් මාර්ග වසා තැබෙන අතර, ඇතැම් මාර්ගවල වාහන ධාවනය සීමා කරන බව ය.
පරණ පාර්ලිමේන්තුව අසල එම්.එස්.ඒ වටරවුමේ සිට ගොල් ෆේස් වටරවුම, කොල්ලුපිටිය හන්දිය, ලිබර්ටි වටරවුම හා ආනන්ද කුමාරස්වාමි මාවත මෙම රථ වාහන සැලැස්මට අයත් මාර්ග කිහිපයකි.
මීට අමතරව මින්පාක් පාර , නෙලුම් පොකුණ දෙසට ඇති මාර්ගය, නන්දා මෝටර්ස් හන්දියේ සිට නිදහස් මාවතට ඇති මාර්ගය, නිදහස් මාවත, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටින් ඇති මාර්ගය, ආර්.එෆ්.ඊ හන්දිය, බෞද්ධාලෝක මාවත හා බණ්ඩාරනායක සම්මන්ත්‍ර ශාලාව දක්වා ඇති මාර්ගයේ ද මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.






