සුප්‍රකට බොලිවුඩ් නිළි අංජම් නායර් පසුගියදා ඉන්දීය පොලිස් නිලධාරීන් පිරිසකට අසභ්‍ය වචනයෙන් බැන වැදීම නිසා අත්අඩංගුවට පත් වූවාය. ඉන්දියාවේ ඔෂිවාරා ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවෙසේ අධික ලෙස සංගීත භාණ්ඩ වාදනය කොට පූජාවක් පැවැත්වීම නිසා අසල්වැසියෙක් ඇයට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් කෙළේය. පැමිණිල්ල විමසීමට නිවෙසට පැමිණි පොලිස් නිලධාරීන්ට අංජම් පරුෂ වචනයෙන් බැන වැදී ඇති බවත් එම අවස්ථාවේ ඇය පොලිස් නිලධාරීන්ට බැන වදින අයුරු වීඩියෝ ගත කර ඇති බවත් වාර්තා වේ.
මේ වනවිට අංජම්ගේ අසභ්‍ය වචන වීඩියෝව අන්තර්ජාලය හරහා ළැව් ගින්නක් සේ ප්‍රචාරය වන අතර ඇයට එරෙහිව නීතිමය පියවර තදින් ක්‍රියා කරන බවද පොලිසිය පවසයි.