බහළු 13500ක් රැගත් එවර්ග‍්‍රින් නෞකා ජාලයට අයත් ‘තලසා හෙල්ලාස්’ සුවිසල් බහළු නෞකාව කොළඹ වරාය වෙත පැමිණ තිබේ.
මෙම නෞකාව දිගින් මීටර 370ක් හා ගැඹුර මිටර 13 ක් වන අතර මෙය වරායේ සී.අයි.සී.ටී පර්යන්තය වෙත පැමිණීම වෙනුවෙන් නෞකාවේ කපිතාන් ඇන්ටෝනියස් කොට්රාස් මහතා සමග නෞකාව තුළදී සමරු ඵලක හුවමාරුවක්ද සිදුවිය.
කොළඹ වරාය පුළුල් කිරීමෙන් පසුව ලෝකයේ ඕනෑම සුවිසල් නෞකාවකට කොළඹ වරාය තුළදී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබීම හේතුවෙන් මෙවන් සුවිසල් නෞකි හැසිරවීමේ හැකියාව ලැබී ඇති අතර නෞකාව වරාය වෙත රැගෙන ඒමේ වගකීම වරාය අධිකාරියේ නියමුවන්ට පැවරී තිබුණි.