-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රටපුරා හොර මත්පැන් භාවිතය වැඩිවී ඇත්තේ අරක්කුඇතුළු සෙසු විධිමත්ව නිෂ්පාදනය කරන මත්පැන්වලින් රජය අධික ලෙස බදු අයකිරීම නිසා බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.
හොර මත්පැන් පිළිබඳ අදහස් දැක්වූ මුදල් නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම දෙසතියකට ඉහතදී පැවැසුවේ කසිප්පු ආදී
හොර මත්පැන්වලින් බදු අය කිරීම පිළිබඳ සලකා
බැලීම යෝග්‍ය බවයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ දැනට රුපියල් 850-900 අතර මිලකට අලෙවි වන මොලැසස් හෙවත් ගල් අරක්කු බෝතලයකින් (මි.ලී. 750) රජය රු. 492/⋆ ක පමණ බදු මුදලක් අයකරන බවයි.

ඒ අනුව නිෂ්පාදන සමාගම්වලට අරක්කු බෝතලයක් අලෙවි කිරීමෙන් ලැබෙන්නේ රු. 358-408 අතර මුදලකි. වැඩි ආදායම ලැබෙන්නේ රජයටය.
ආණ්ඩුව අධික ලෙස බදු අය කළද නිෂ්පාදන වියදම්, පරිපාලන වැය සහ සෙසු පිරිවැය ආවරණය කරගෙන ලාභයක් ලබාගැනීමටද සුරා සමාගම්වලට මෙම මුදලින් හැකි වී තිබේ.
හොර මත්පැන් අවම කිරීමට නම් කළ යුත්තේ  ඒවාට බදු අයකර නීතිගත කිරීමට කතා කිරීම නොව මත්පැන්වලට දැනට රජය අයකරන අධික බදු මුදල් අඩුකර එහි මිල අඩුකිරීම බව බොහෝ දෙනෙක් කියති.
 යසවර්ධන රුද්රිගු

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week