-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කිලිනොච්චියේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු යාල්දේවී දුම්රියේ ගැටී 32 හැවිරිදි මවක සහ ඇගේ වයස අවුරුදු එකහමාරක දියණිය මියගොස් ඇත.
තම දියණියන් දෙදෙනා සමඟ කීනවල දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගය මත වාඩිවී සිට ඇති අතර, දුම්රිය ළංවෙනවාත් සමඟ 9 හැවිරිදි දියණිය මාර්ගයෙන් ඉවතට පැන දිවි බේරාගෙන ඇත.

පන්නල, හොරවඩුන්න ප්‍රදේශයේ පදිංචිකාරියක වන පී.ජී. මංජුලා එරන්දි ප්‍රියශාන්ති නමැති ඇය සමඟ ඇගේ දියණියක වන චාරුණී නමැති දැරියද මෙසේ මියගොස් ඇත. මියගිය චාරුණී රඹුක්කන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. මේ මරණයට හේතු වී ඇත්තේ කාලයක් තිස්සේ ඇයට ඇගේ ස්වාමි පුරුෂයාගෙන් හා ඔහුගේ මවුපියන්ගෙන් එල්ල වී ඇති වධ හිංසා බවට ඇය විසින් ලිපියක්ද ලියා තබා දුම්රියට පැන තිබේ.

එම ලිපියෙහි සඳහන්ව ඇත්තේ “මා විසින් බිහිකළ දරු දෙදෙනාත් මරා දමා මාද මියයන බවයි” ඊයේ පාන්දර යාමයේ මේ කාන්තාවගේ මාමණ්ඩිය විසින් ඇයගේ හිසට විදුලි පන්දමකින් පහරදී ඇතැයි ඇය උදෑසන තම අයියාට පවසා ඇති අතර එහිදී ඔහු ඇයගෙන් එයට හේතුව විමසූකල ඇය කියා ඇත්තේ තමා මොන්ටිසෝරි ගුරුවරියක බැවින් තාත්තා ගෙදර කසිප්පු විකිණීම තමාට මහත් පීඩාවක් බවයි. එහිදී මියගිය කාන්තාවගේ අයියා පවසා ඇත්තේ දරුවන් දෙදෙනාද සමඟින් ඔහුගේ නිවෙසට පැමිණෙන ලෙසයි. එහෙත් ඇය ඒ වන විටත් දරුවන් දෙදෙනාත් සමඟ මෙලොවින් සමුගැනීමට තීරණය කර හමාර වී තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week