ගාල්ලේ ඉමදුව ප‍්‍රදේශයේ වයස අවුරුදු දෙකහමාරක් වූ දැරියකගේ ඇස පාසාරු කරමින් පෙර මොළය දක්වා ගිය පිහියක් සැත්මකින් ඉවත් කිරීම ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරු සමත්ව තිබේ.
සහෝදර සහෝදරියන් සමඟ දැරිය නිවසේ ක‍්‍රීඩා කිරමින් සිටිය දී පිහියක් මතට ඇදවැටීම නිසා මෙම අනතුර සිදුව ඇති අතර දැරියගේ දෙමාපියන්
ඇසේ ඇණුන පිහිය සමඟම ඇය රෝහල්ගත කර ඇත.
කරාපිටිය රෝහලේ වෛද්‍ය දිපාල් අත්තනායක මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම විස්මිත සැත්කම සිදු කරනු ලැබීය.