බොලිවුඩයේ රජූ ලෙස නම් දරා සිටින ශාරුක් ඛාන් ඉන්දියාවේ පමණක් නොව ලෝකයේ ම ආකර්ශනය දිනා සිටින සුපිරි තරුවකි.
කෙසේ වෙතත් මේ දිනවල ශාරුක් ඛාන් වඩාත් කතා බහට ලක්වන චරිතයක් බවට පත්ව තිබේ.
ඒ ඔහු බොලිවුඩ් නිළියක සමග අනියම් පෙමක පැටලී ඇති බවට පලවන වාර්තා හේතුවෙනි.
ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව ශාරුක් සමග නම් පැටලී සිටින ඇය කවූරුත් හදුනන, සුපිරි බොලිවුඩ් නළි ප‍්‍රියංකා චොප්රා ය.
නමුත් මේ සම්බන්ධයෙන් බොලිවුඩ් සගරා කිහිපයක් ඔහුගෙන් කළ විමසීමකදී සිනාසෙමින් ඔහු එය ප‍්‍රතික්ෂේප කර තිබේ.
ප‍්‍රියංකා සමග චිත‍්‍රපට කිහිපයක ම වැඩ කළ බැවින් මෙවැනි ඕප දූපයක් පැතිර යන්නට ඇති බව ශාරුක් පවසා ඇත.
කෙසේ වෙතත් ප‍්‍රියංකා චොප්රා මේ සම්බන්ධයෙන් කිසිවක් සඳහන් කර නොමැත.
ජුහී චව්ලා සමග කාජල් සමග එකට වැඩ කරන සමයේදීත් තමා සම්බන්ධයෙන් මෙවැනි ඕපදූප පැතිර ගිය බව ශාරුක් පවසයි.
ශාරුක් - ගෞරි විවාහයට මේ වන විට වසර 20ක් ගත ව තිබේ.
ශාරුක් ඛාන් දරුවන් තිදෙනෙකුගේ පියෙකු ද වෙයි.