-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මහත් ආන්දොaලනයට තුඩුදුන් කොටකෙතන නයනා නිල්මිණි හා කාවින්දි චතුරංගි යන මව හා දියණියගේ ඝාතන සම්බන්ධ නඩුව දෙසැම්බර් 13 දා සිට විභාගයට කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ඊයේ (15 දා) නියෝග කළාය.

මෙම ඝාතනයන්ට අදාළව අධි චෝදනා ලැබ සිටින විත්තිකරුවන් වනුයේ ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු හා අශෝකා චාන්දනී කුමාරි හෙවත් බට්‌ටි නමැති අඹුසැමි යුවළයි.

2012 ජනවාරි 31 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී කහවත්ත පන්සල පාරේදී පිලානගොඩකන්දේ නයනා නිල්මිණි (52) හා කාවින්දි චතුරංගි සෙල්ලහේවා (14) දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකාර අඹුසැමි යුවළට එරෙහිව නීතිපතිවරයා විසින් මෙහි අධි චෝදනා ගොනුකර තිබේ.

රත්නපුර මහාධිකරණය හමුවේ විභාගයට ගත් මෙම නඩුව සුවිශේෂ අධිකරණ කටයුත්තක්‌ ලෙස සලකා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට නීතිපතිවරයා විසින් තීරණය කර තිබිණි.

නඩුව විභාගයට ගත් අවස්‌ථාවේදී රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින විත්තිකාර අඹුසැමි යුවළ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූහ. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජයන්ත ජයසූරිය මහතා අධිකරණය අමතමින් විත්තිකාර අඹුසැමි යුවළගේ දරුවන් දෙදෙනකු පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් වන බැවින් විත්තිකරුවන් ඇප මත මුදා නොහැර නඩුව විභාගයට ගන්නා ලෙසත් පැමිණිල්ලේ සාක්‌කිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහාධිකරණ විනිසුරුවරිය නඩු විභාගය අවසන් වනතෙක්‌ විත්තිකාර අඹුසැමි යුවළ රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසත් නඩුව විභාගයට ගන්නා ලබන දෙසැම්බර් 13 දා පැමිණිල්ලේ නම් කර ඇති සාක්‍ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළාය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ දමිත්‍රිනි ද සිල්වා හා ලක්‌මාලි කරුණානායක යන මහත්මීන් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජයන්ත ජයසූරිය මහතා පෙනී සිටි අතර විත්තිකාර අඹුසැමි යුවළ වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week