හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කිරීමත් සමග ජනප්‍රිය නිළියක හඩා වැටීමේ පුවතක් වාර්තා වේ.
මෙසේ හඩාවැටී ඇත්තේ ඩිල්ෂාන්ගේ බිරිය වන ජනප්‍රිය නිළි මංජුලා තිළිණිය.
ඩිල්ෂාන් සිය සමු ගැනීම නිල වශයෙන් නිවේදනය කිරීමට ඊයේ (10) ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එය අවසන් වූ වහාම මංජුලා ඩිල්ෂාන් බදාගෙන හඩනුන්ට පටන්ගෙන තිබේ.
වසර 1999 නොවැම්බර් මාසයේදී සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ ඩිල්ෂාන් මේ දක්වා තරග 87කට සහභාගී වී ලකුණු 5492ක් ලබාගෙන තිබේ.
මේ වන විට ටෙස්ට් ශතක 16ක් හා අර්ධ ශතක 23ක් ලබාගෙන ඇති ඩිල්ෂාන් අවසන් වරට ටෙස්ට් තරගයකදී ක්‍රීඩා කළේ පසුගිය මාර්තු මාසයේදී බංගලාදේශ කණ්ඩායමට එරෙහිවයි.
මංජුලා ඩිල්ෂාන් බදාගෙන හැඩූ අයුරු ජායාරූපවල දැක්වේ.






