තම ගමන් ප‍්‍රවේශ පත‍්‍රයේ ඉතිරි මුදල් ඉල්ලා සිටි මගියකුට බස් කොන්දොස්තර කෙනකු කළ පහරදීමකින් පසු මහ මගට ඇද වැටී එම බසයේම පිටුපස රෝදයකට යටවී බරපතළ තුවාල ලබා තිබේ.
සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පෞද්ගලික බස් කොන්දොස්තර හා රියදුරාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ශිහාන් පිලපිටිය මහතා පිටකොටුව පොලිසියට නියම කළේය.
කොළඹ කතරගම බස් රියක රියැදුරකු වන හබරාදුවේ පදිංචි පල්ලිය ගුරුගේ අශෝක එම බසයේ කොන්දොස්තර වන සජිත අශාන් යන දෙදෙනාා මෙම සිද්ධියේ සැකකරුවෝ වෙති.
දොඩංගොඩ පදිංචි ඞී. ඒ. රත්නසිරි මහතා (පැමිණිලිකරු) පසුගියදා පෞද්ගලික මගී ප‍්‍රවාහන බසයකට කළුතරින් ගොඩ වී ඇතැයි පිටකොටුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ප‍්‍රියන්ත දික් ඕවිට මහතා අධිකරණයට දන්වා තිබිණි.
පිටකොටුව බස් නැවැතුමේ දී පැමිණිලිකරු ටිකෙට්ටුව සඳහා දුන් රුපියල් 100 ඉතිරි මුදල ඉල්ලා සිටි විට ඔහු හා කොන්දොස්තර අතර ඇති වු බහින් බස් වීමකින් අනතුරුව කොන්දොස්තර කළ පහර දීමකින් මහ මගට ඇද වැටුණු පැමිණිලිකරු ඉදිරියට යමින් තිබු එම බසයේම පිටුපස රෝදයකට යටවී බරපතළ තුවාල ලබා ඇතැයි ද සඳහන් විය.






