මෙම වසරේ මුල් මාස හය තුළ ශ්‍රී ලංකාව තුළ දුම්වැටි අලෙවිය සියයට 7කින් අඩුවී ඇති බව දුම්කොළ සමාගම්වල අලෙවි වාර්තා පෙන්වා දෙන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
එම තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගනිමින් ශී‍්‍ර ලංකාව දුම්වැටියෙන් හා මත්පැනින් තොර කලාපයක් බවට පත්කරගැනීම සඳහා සියලූම පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන් හා නිලධාරීන් අධිෂ්ඨානශීලීව කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
සංවර්ධන කටයුතුවල දී මධ්‍යම රජය හා පළාත් සභා යනුවෙන් බෙදීමක් නොකර එම කටයුතු කිරීමට මහින්ද රාජපක්ෂ රජය පියවර ගෙන ඇතැයි කී අමාත්‍යවරයා පළාත් සෞඛ්‍ය සේවාව තුළ පවතින ගැටලූ හඳුනාගෙන ඉදිරියේ දී මූල්‍ය ප්‍රතිපාදන අනුව පළාත් සෞඛ්‍ය සේවා දියුණු කිරීමට ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව ද සඳහන් කළේය.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනයට විශේෂ අවධානයක් යොමු කරමින් රෝග වළක්වා ගැනීම සඳහා මූලිකත්වය දී ලබන වසරේ දී කි‍්‍රයා කරන බවත් ඒ සඳහා රජය ලබාදෙන මුදලින් සියයට 75ක් ම පළාත් සභා සඳහා ලබාදීමට තමන් තීරණය කර ඇති බවත් මෙහිදී ඇමතිවරයා පැවසීය.