-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ශ්‍රී ලාංකිකයා යනු උසස් සංස්කෘතියකට උරුම නොකියන්නෙකු බව සාධක සහිතව ලංකාව පාලනය කරන දේශ පාලන නඩය විසින් පෙන්වා දී තිබේ. 

මේ අසංස්කෘතික පාලකයන් පත් කලේ සංස්කෘතියක් නොමැති ජනතාව නිසා පාලකයන්ට දොස් කියා පලක් නැත. 

යකාගේ හැටියට විමානේ කීවාක් මෙන් ජනතාවගේ සංස්කෘතික මටටමට ගැල පෙන අයුරින් මෙරටට පාලකයන් ලැබී ඇත.

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ මහත්මියට ඇමති මර්වින් සිල්වා කාම යෝජනාවක් කලේය​. 


එම කථාවට ගැලරිය විසින් හුරේ දමා මර්වින් සිල්වා වීරයෙක් කලද ශ්‍රී ලංකාව නම් පසුගාමී ගෝත්‍රික සමාජය ස්ත්‍රීන් විෂයෙහි කටයුතු කරන නින්දිත ආකාරය මර්වින් සිල්වා විසින් ලොවටම ප්‍රදර්ශනය කරන ලදි.

නමුත් මේ සම්බන්ධයෙන් ඇමති මර්වින් සිල්වාට දොස් කියා පලක් නැත. ඔහු නියෝජනය කරන්නේ බහුතර ශ්‍රී ලාංකිකයා ගේ මනසයි.

උසස් සංස්කෘතියක් පවතින රටක මර්වින් සිල්වා යනු සිර ගෙදරක හෝ මානසික රෝහලක සිටිය යුතු චරිතයකි. නමුත් මේ චරිතය පහත් සංස්කෘතික මට්ටමක් ඇති ලංකාව වැනි පසුගාමී රටක ප්‍රධාන පෙලේ දේශපාලකයෙකි.

මේ පිලිබඳව උපුල් ජෝශප් ප්‍රනාන්දු මෙසේ කියයි.

 
කළු ජාතිකයන් වෙනුවෙන් ලොව විප්ලවයක් කළ කාන්තාවක් වූ නාවි පිල්ලේ වැනි වැන්දඹුවකට සමච්චල් කරමින් විවාහ යෝජනා ගෙන ඒම ගැන ලැජ්ජා විය යුතුය. 


නාවි පිල්ලේ කියන්නේත් සුද්දන්ට යටත් නොවූ සුදු හමෙයි කළු හමෙයි වෙනසක් නැහැ කියා පෙන්වන්න දකුණු අප්‍රිකාවේ විප්ලවයක් කළ ගැහැනියකි. 

සුද්දන් ඇයව ජාත්‍යන්තර යුද්ධ අධිකරණයේ විනිසුරුවරියක ලෙස නම් කළේත් පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් වරිය ලෙස පත් කළේත් කපන්න බැරි අත සිඹින්නාක් මෙන්ය.

ලොව කළු මිනිසුන් වෙනුවෙන් එවැනි විප්ලවයක් කළ, වියපත් වීමටත් පෙර වැන්දඹුවක් වූ කාන්තාවකට විවාහ යෝජනා ගෙන එමින් අපහාස උපහාස කිරීම අවුරුදු 2500ක් පැරැණි ඉතිහාසයක් ඇති ශීලාචාර සදාචාර සම්පන්න රටක් ලෙස ලංකාව ලැජ්ජා විය යුතුය. අනෙක ඇය දියණියන් දෙදෙනකුගේ මවකි. (නෝනලාගෙන් නෑම - උපුල් ජෝශප් ප්‍රනාන්දු)

නමුත් ගැටලුව මෙයයි, ඉතිහාසයක් තිබුනද ශ්‍රී ලාංකාව ශීලාචාර සදාචාර සම්පන්න රටක්ද.? ශීලාචාර සදාචාර සම්පන්න රාජයක් වීමට ලාංකාවට බොහෝ දුරක් යා යුතුය​.

- අමිල ගුණරත්න 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos