ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් (Adam Investments Limited) පසුගිය සිකුරාදා පීසීඑච් හෝල්ඩිංග්ස් පිඑල්සී හි (PCH Holdings Plc) හි සියයට 20.8 ක් හෙවත් රුපියල් මිලියන 42 ක් වටිනා කොටස් මිළදි ගෙන ඇතැයි වාර්තා වේ.
මේ අනුව එහි මිලියන 52.323 ක් වන කොටස් ප්‍රමානයක් එම සමාගම මිලදීගෙන ඇත.
එය 2011 දි පිහිට වනු ලැබූ සමාගමක් වන අතර එය ශ්‍රී ලංකාවේ මුල්ම විධායක නොවන ජනපති විලියම් ගොපල්ලවගේ මීනිබිරිය වන ධනුෂයා මැදිවක වෙත්තසිංහ ගුලාම්හුසේන් මහත්මියට හිමිකම් ඇති සමාගමක් බවද පැවසේ.
ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් (Adam Investments Limited) නුදුරේදිම කොළඹ කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත කිරිමට සාකච්ඡා අදාල පර්ශවයන් සමඟ සිදු කරමින් පවතින බව එහි සභාපති ආචාර්ය අලි අස්ගර් ගුලාම් හුසේන් මහතා මාධ්‍යට අනාවරණය කර තිබිනි.
ධනුෂයා මැදිවක වෙත්තසිංහ ගුලාම්හුසේන් එහි විධායක අධ්‍යක්ෂක වරියක වන අතර ඇය අලි අස්ගර් ගුලාම් හුසේන්ගේ මිනිබිරියයි.
එම සමාගම විසින් මෙහි කොටස් මිළදි ගෙන ඇත්තේ කොටසක් ශත 80 බැගිණි.
මෙහි විකුණුම් පාර්ශවය වුයේ ඩයනාරීස් හෝල්ඩිංග්ස් (Dynaris Holdings) හා මොහොමඩි රිෂාන්ය.
මෙම සමාගම විසින් අනයන අපනයන වෙළෙදාමේ නියුතු කොල්ලුපිටිය යුනිටි ප්ලාසා වෙතද හිමිකම් ඇති සිලෝන් ඇන්ඩ් ෆොරින් ටේරේඩ්ස් පීඑල්සී (Ceylon & Foreign Trades PLC) හි 8.9% ක හිමිකමකට සමාන කොටස් 12,515,822 ක් රුපියල් මිලියන 100 කට මිළදි ගෙන තිබිණි.
බම්බලපිටියේ කාමා රාත්‍රි සමාජශාලාවේදී 21 හැවිරිදි තරුණයෙකුට පහර දිමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත අලි අස්ගර් ගුලාම්හුසේන් නම් මෙම ව්‍යාපාරිකයා පසුගිය ජුලි මස අධිකරණය විසින් මුදා හැරද ඇත.
ඇඩම් ඇපරල්ස් පුද්ගලික සමාගම (Adam Apparels (Pvt) Ltd), ඇඩම් මෙට්ල්ස් පුද්ගලික සමාගම (Adam Metals (Pvt) Ltd), නෙට්වර්ක් කමිනිකේෂන් (Network Communications (Pvt) Ltd), ඇඩම් ඔටෝ මොබයිල්ස් (Adam Automobiles (Pvt) Ltd) සහ ඇඩම් එයාකන්ඩිෂනර්ස් (Adam Air conditioners (Pvt) Ltd) මෙම සමාගමට අයත් සෙසු සමාගම් වේ.
සිලෝන් ඇන්ඩ් ෆොරින් ටේරේඩ්ස් පීඑල්සී (Ceylon & Foreign Trades PLC) යනු 1949 තේ,රබර්,පොල් අපනයන සදහා පිහිටවු සමාගමක් වන අතර එය 1978 දි පොදු සමාගමක් බවට පත් වි මැත කාලයේ කුළු බඩු අපනයනයේ ප්‍රමුඛ යෙකු වි සිටී.
කොළඹ කොල්ලුපිටියේ යුනිටි ප්ලාසා අයත් ඔන් අල්ලි හෝල්ඩිංග්ස් පීඑල්සී (On’ ally Holdings PLC) එහි ආශ්‍රීත සමාගමකි.