-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More



කොන්ඩම් බෙදා හැරීමත් 
ගණිකා වෘත්තියේ යේදීමක්ලු...

රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකාවක උපත් පාලන කොපු බෙදමින් සිටියදී ගණිකා වෘත්තියේ යෙදුනු බවට සැකපිට ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුවතක් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඇයට ඇපදීම සම්බන්ධයෙන් පොලිසිය විරෝධතා මතුකිරීම හේතුවෙන් ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් 
ඇයව රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණු බවයි.

නීතිය හා සාමය ඇති කිරීමට පිහි‍ටුවා ඇති අලුත් අමත්‍යාංශයේ සේවකයන් වන පොලිස් රාළහාමිලාට රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ඇති ලොකුම බාධකය ගණිකාවන්ය, නැතිනම් මල් වත්තක මුහුදුවෙරළක චිත්‍රපට ශාලවක හෝ රෙස්ට් හවුසියක සිටින පෙම්වතුන්ය. 

ඔවුන් අත බැරිවෙලාවත් කොන්ඩමයක් තිබුණෝත් ඒ ජාතික අපරාධයකි. ඒ අනුව කොන්ඩම් බෙදා හැරීම බරපතල ජාතික අපරාධයක් වන අතර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේවුවත් අත් අඩංගුවට ගත හැකි තත්වයේ වරදක් වෙතොත් පුදුමයක් නොවේ. ඊටත් ඒ ගැහැණියක වීම හා රාත්‍රියක වීම තත්වය තවත් භයංකර වීමකි.

මෙහිදී සැකකාරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සමිත් සුරංග පෙරේරා අධිකරණයට කරුණු දක්වමින් පැවැසුවේ සැකකාරිය රාජ්‍ය නොවන සංවිධානයක් විසින් අරඹා ඇති ඒඩ්ස් මර්දන වැඩසටහනකට සම්බන්ධ සාමාජිකාවක් බවයි.

ඒ බව තහවුරු කිරීමට ඇය සතුව ලිපි ලේඛන ඇති බවත්, ගණිකාවන් රාත්‍රි කාලයේ මාර්ගවල සිටින බැවින් රාත්‍රි කාලයේ මෙම උපත් පාලන කොපු බෙදීමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.


පොලීසියේ කට්ටියට කොන්ඩම් පාවිච්චි කරන්නේ කුමකටදැයි කියා දීම නව අමාත්‍යාංශයේ හදීසි කටයුත්තක් කර නොගතහොත් ගම් රටවල් පුරා කොන්ඩම් බෙදමින් යන මිඩ් වයිෆ්ලාටත් හිරේ ලගින්නට සිදුවනු ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos