-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පේපෑල් සමාගමට සිදුවූ අත්වැරදීමක් නිසා මහජන සම්බන්ධතා නිලධාරියෙක් වන ක්‍රිස් රෙනෝල්ඩ්ස් නැමැත්තාගේ පේපෑල් ගිණුමට $92,233,720,368,547,800 තරමේ මුදලක් බැරවී ඇති බවට පුවතක් විදෙස් මාධ්‍ය වල අවදානයට යොමුව තිබෙනවා. “ක්‍රිස්” පැරණි මෝටර් රථ කොටස් අන්තර්ජාලය හරහා අලෙවි කරනා අතර සිය පේපෑල් ගිණුමෙන් මසකට සිදුකරන්නේ £60-£70 තරමේ කුඩා ගනුදෙනු ප්‍රමාණයකි.

නමුත් පසුගියදා ඔහු සිය ගිණුම් පිලිබදව විස්තර ඊමේල් මගින් පරික්ෂා කෙරු විට දැක ඇත්තේ ඔහුගේ ගිණුමට $92,233,720,368,547,800 තරම් විශාල මුදලක් වැටී ඔහු ලොව සුපිරි ධනවතා වි ඇති බවයි. 56 හැවිරිදි “ක්‍රිස්” එම මුදල් වලින් සිදුකල යුතු කරනා කිහිපයක් ගැනත් කල්පනා කෙරු බව ඔහු පසුව මාධ්‍යට සදහන් කලා. ඒ අනුව සමාජ වගකීමක් ඇති පුද්ගලයෙක් ලෙස ඔහු මුලින්ම තීරණය කොට ඇත්තේ අදාල බදු මුදල් ගෙවීමටයි. ඉන්පසු ප්‍රකට බේස්බෝල් කණ්ඩායමක් මිලට ගැනීම වැනි කරනා ගැනද ඔහු සිතා තිබෙනවා. නමුත් පසුව අන්තර්ජාලය හරහා පේපෑල් ගිණුමට ඇතුළුව බලනා විට එහි ශේෂය බින්දුවක් වීම නිසා ක්‍රිස්ගේ බලාපොරොත්තු සුන්ව ගියා. 

මේ ගැන පේපෑල් සමාගම වෙනුවෙන් අදහස් දක්වන එහි ප්‍රකාශකයෙක් කියා සිටින්නේ සිය ගනුදෙනුකරුවන්ගේ ගිණුම් ගැන කතා කල නොහැකි බවයි.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos