භූමි පාළුවක් ඉවත් කිරීම සඳහා යැයි කියමින් ඉඩමක වළක් කපා ඊට බැස උඩින් තහඩු දමා ඒ මත පස් දමා වසාගෙන ශාන්ති කර්මයක් සිදුකළ යකැදුරකු පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේදී මියගොස් ඇති බව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි මැක්ෂිම් කස්තේරා් නමැති තිස් හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙකි.පොලිසිය පැවැසුවේ එම යකැදුරා අඩි 06 - 04ක් ලොකු වළක් කපා පූජා භාණ්ඩ සහ කඩුවක්ද රැගෙන වළට බැස නිදාගෙන යාගය පටන්ගෙන ඇත.
එයට බැසගත් යකැදුරා පවසා ඇත්තේ ඔහු වළ තුළට බැසගත් පසු උඩින් තහඩු සහ ලෑලි දමා ඒ මත පස් දමා පැය 3ක කාලයකට වසා දමන ලෙසයි.
යාගය අවසන් වූවාට පසු ඔහු අත තිබෙන කඩුවෙන් වළ උඩට කඩු මූණත එවූ විට වළ හාරා නැවත ඔහු ගොඩට ගන්නා ලෙස ඔහුගේ සහායට සිටි පිරිසට දන්වා තිබේ.
පැය 3ක් ගත වූවායින් පසුවද ඔහුගෙන් ඒ පිළිබඳ සලකුණක් නොමැති වූයෙන් එහි සිටි පිරිස වළ හාරා බලද්දී යකැදුරා වළේදීම මියගොස් සිට ඇත. මේ වන විට යකැදුරාගේ සහායකයන්ගෙන් සහ පවුලේ අයගෙන් පිළියන්දල පොලිසිය ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කර ගෙන ඇත. පිළියන්දල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.