-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සහ ඔහුගේ බිරිද ක්‍රිස්ටිනා වසර 8කට පසුව මේ දිනවල දරු සුරතල් බැලීමට සූදානම් වන බව නිලනොවන ආරංචිමාර්ග වලින් තිස්තුන්දාහ වෙත වාර්තාවේ. 

මෙම පුවත තවමත් සනාථ වී නොමැති අතර එය නිල වශයෙන් දැන්වූ විගස එය ඔබ වෙත ගෙන ඒමට අප සුදානම්ය. 

මහේලගේ බිරිද ක්‍රිස්ටිනා සිරිසේන ය. ඇගේ පියා ශ්‍රී ලාංකිකයෙක් වන අතර මව ඩෙන්මාක් ජාතික කාන්තාවකි.

පියා සංචාරය කිරීමට ඉතාමත් කැමති පුද්ගලයෙක් වන අතර ඔහු ඩෙන්මාක් වෙත ගිය ගමනකදී ඇගේ මව සමඟ විවාහ වී වසර 2කට පසුව ශ්‍රී ලංකාවට ස්ථීර පදිංචියට පැමින ඇත.

ක්‍රිස්ටිනා සිරිසේන අධ්‍යාපන කටයුතු නිමවී කුඩා කල සිට තිබුනු ගුවන් සේවිකාවක් වීමේ හීනය සැබෑ කර ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට බැඳී ඇති අතර එහිදී ඇයට එහි එක් ගමනකදී මහේලව මුන ගැසී ඇත.

එම මුන ගැසීම පිළිබඳව ඇය පවසන්නේ මෙලෙසින්. "ඔහු මට අවුරුද්දකට අධික කාලයක් විවාහ යෝජනා කලා, නමුත් එම කාලයේ මට විවාහ වීවට සුදුසු මානසිකත්වයක් තිබුනේ නැහැ. නමුත් කාලයාගෙ ඇවෑමෙන් මං ඔහුට පසුව ආදරය කලා. එහෙම තමා අවුරුදු 7ක ආදර සම්බන්ධතාවයක් 2005 වර්ශයේ නොවැම්බර් 3 වෙනි දින විවාහයක් දක්වා ආවේ."

මහේල පිළිබදව ඇය පවසන්නේ මෙවැන්නක්.

"ඔහු ඉතාමත්ම අවංක, නිර්ලෝභි සහ ලෙංගතු පුද්ගලයෙක්. ඒ වගේමයි ඉතාමත් තැන්පත් කෙනෙක්. ඔහු තමන්ගේ කේන්තිය ඉතාමත් හොදින් පාලනය කරගන්නවා ඒ වගේම තමන්ගේ හඩ නංවන්නේ ඉතාමත් කලාතුරකින්."

ක්‍රිකට් ක්‍රීඩකයින් වැඩියෙන්ම ගුවන් සේවිකාවන් සමග පෙම් සබදතා පවත්වන්නට හේතුව පිළිබඳව ඇය දරන්නේ මෙවන් අදහසක්.

"ඒකනම් අහන්න ඕන මහේලගෙන්ම තමයි. නමුත් ඔහු මාත් සමග යාලු උනේ මං පුහුණු කාලයේ සිටිද්දියි. මං ඔහුට ආදරය කලේ ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිසාම නොවේ,ඔහූ තිබෙන ගුණාංග වලටයි. පළවන වර්ෂ දෙකේදී අප දෙදෙනාට හමු වීමට තරම්වත් කාලයක් නැතුව ගියා ඔහුගේ ක්‍රිකට් තරග සහ මාගේ රැකියාව නිසා. නමුත් ඔහුගේ ක්‍රිකට් චර්යාව මං හදුනා ගත්තා. එය තමා මෙතරම් කාලයක් ඔහූ හා මම සතුටින් සිටින්නට හේතුව."


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos