-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මගේ මිත්‍ර ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමා මා සහ මගේ ඥාතීත්වය සමඟ යම් කිසි අමනාපයක් ඇතිදෝයි ඇමැති මර්වින් සිල්වා මහතා සැකයක් පළ කරයි. ඔහු ඒ සැකය පළ කරන්නේ මර්වින් සිල්වා ඇමැතිවරයා විසින් නවනීදන් පිල්ලේ මහත්මියට කළ අශීලාචාර යෝජනාව ගැන තමන් කැබිනට් මණ්ඩලයේ සියලු ඇමැතිවරුන් වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කරන බව පෙරේදා පැවැති සන්ධාන මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය ගැන සඳහන් කරමිනි.

මර්වින් සිල්වා මහතා සිහිපත් කරන්නේ ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රකාශයෙන් තමාට කදා වළලු (සේරුවාණිජ ජාතකය) මතකයට එන බවයි.
ඇමැති මර්වින් සිල්වා මහතා මේ සිද්ධිය ගැන “මව්බිම”ට කළ ප්‍රකාශයයි මේ.“අශීලාචාර” කියන වචනය ලාභෙට පාවිච්චි කරන වචනයක් නෙවෙයි. රුහුණේ ඉපදුණ සිංහල බෞද්ධයකු හැටියට මම මගේ රටට ආදරෙයි. රටට වින කරන්න කිනම් හෝ විදේශගත හෝ දේශීයගත හෝ පුද්ගලයෙක්, බලවේගයක් ලෑස්ති වෙනවා නම් ඊට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමට පමණක් නොව යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට වුවත් මම පසුබට වන්නේ නැහැ.”

“මම මල් උයන්වල යන්නටවත්, මල් කඩන්නවත්, මල්වතු බලන්න යන්නවත් කාටවත් ආරාධනා කරන කෙනෙක් නෙවෙයි. බනිනවා කියන එකේ අර්ථ කීපයක් තිබෙනවා. පිල්ලේ නෝනා අපේ රට කෙරෙහි බැඳීමක් ඇති කරන්න ඕනෑ නිසා, අපේ රටේ ශ්‍රී  විභූතිය, අපේ රටේ ඉතිහාසය, සීගිරිය, රුවන්වැලිසෑය, දළදා මාලිගාව, මින්නේරිය කවුඩුල්ල වැනි වැව් වැනි අපේ රජවරු ඉදිකළ දේවල් එතුමියට පෙන්නුවාම අප ගැන බැඳීමක් එතුමියට ඇති වෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ රාජ්‍ය නායකත්වයෙන් පසු මේ රටේ ජනවාර්ගික අර්බුදයක් නැතිව, සියලුම ජාතීන්ට එකසේ සලකන ආකාරයක් උතුරු, නැඟෙනහිර, දකුණ ඇතුළු සියලුම පළාත් සංවර්ධනය කර තිබෙන ආකාරයත් එතුමිය සියැසින් දැකගත යුතුයි.”

“මේවා මීට පෙර නොවුණු දේවල්ද? කනගාටුවන්න බොහෝ දේවල් මේ රටේ සිදු වී ඇතත්, ඒ අවස්ථාවල කනගාටු නොවුණ උදවිය මේ ප්‍රශ්නයේදී පමණක් කනගාටුවීම මට විමතියට කරුණක්. මගේ මිත්‍ර ඇමැතිතුමා මා සහ මගේ ඥාතීත්වය සමඟ යම්කිසි අමනාපයක් ඇතිදෝ කියා මට සැකයක් තියෙනවා. ඒ වුණත් මම සිංහල, බෞද්ධයෙක් හැටියට මගේ අමනාපයක්, වෛරයක් නැහැ. මම හැමෝටම මෛත්‍රිය දනවන කෙනක්. එසේම මම සිල්වා කෙනකු බව නැවත මතක් කරමි.”
“මගේ වචනයක් ගැන එතුමා කිව්වත්, මම වචන ඉස්පිලි, පාපිලි පස්සේ දුවන කෙනෙක් නොවේ. මේ වචනය මහ මුහුදක් කරගෙන කවුරුහරි තමන්ගේ කාලය ගත කරනවාට වඩා ඒ වටිනා කාලය තවත් හොඳ දෙයක් වෙනුවෙන් වැය කරනවා නම් කොච්චර හොඳද? මට දුරකතනයෙන් පණිවුඩයක් දුන්නා නම් මම නිහතමානීව ඒ දේ කරනවා. අනුප්‍රාත්තිකයෝ මොකටද? මගේ කනගාටුව ප්‍රකාශ කරනවා.”

“එහෙම නැතිව තමන්ගේ අම්මාගේ වයසයි, වෙනත් අම්මලාගේ වයසයි මෙතැනට මොකටද?”
“මා කීවේ විවාහයක් ගැන නොව රට ගැන බැඳීමක්, බැම්මක් ඇති කරන්නයි. මේ සියලු ප්‍රශ්නවලට මුල එවැනි බැඳීමක් නැතිකමයි. ඒ ගැන කාගේ හෝ හිත රිදීමක් වුණා නම් මම කාගෙන්වත් සමාව ගන්න පුද්ගලයෙක් නොවෙයි. මම සමාව යන වචනය පාවිච්චි කරන්නේ අතිගරු ජනාධිපතිතුමාටත්, එතුමාගේ පවුලේ අයටත් පමණයි. ඒ මමත් බෙලිඅත්තේ මිනිහෙක් නිසයි. බෙලිඅත්තේ මිනිස්සු රාජපක්‍ෂ පවුලේ අයට ගරු කරනවා. අපි රාජපක්‍ෂ පවුල් උදවිය. මම මේ ගැන මගේ සාතිශය සංවේගය පළකරනු කැමැත්තෙමි.”“මේ ඇමැතිතුමා මා ගැන නොයෙක් දේ ප්‍රකාශ කර තිබෙනවා. මම නිශ්ශබ්දව හිටියා. මේ සේරිවාණිජ  ජාතකයදෝයි මගේ හිතට දැන් ප්‍රශ්නයක් මතු වෙනවා.”

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos