-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එක්‌ කෝටි 80 ලක්‍ෂයක රන් මුදල් කොල්ලකා පනිති

හේමන්ත රන්දුණු, මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක,

ගම්පහ අධිකරණ, විල්සන් පළිහවඩන සහ සුසිල් රණමුක

ගම්පහ පිහිටි පිළිගත් මූල්‍ය සමාගමකට ඊයේ (21 වැනිදා) දහවල් 1.45 ට පමණ කඩා වැදුණු සන්නද්ධ කොල්ල කණ්‌ඩායමක්‌ එහි සිටි සේවකයන් සහ ගනුදෙනුකරුවන්ට මරණීය තර්ජන එල්ලකර ඔවුන් දණ ගස්‌සවා රුපියල් එක්‌කෝටි අසූලක්‍ෂ හැටදහස්‌ හාරසීයක්‌ පමණ වටිනා රන් ආභරණ හා මුදල් කොල්ලකාගෙන පලා ගොස්‌ ඇත.

මෙම මුදල් සහ රන් ආභරණ එහි සේප්පුවල ආරක්‍ෂා සහිතව තබා තිබූ අතර දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී මෙම කොල්ලය සිදුකර තිබේ.

පස්‌දෙනකුගෙන් සමන්විත කොල්ල කණ්‌ඩායම පිස්‌තෝලවලින් සන්නද්ධවී මූල්‍ය ආයතනයට කඩා වැදී ඇත්තේ එහි ගනුදෙනුකරුවන් ලෙසිනි.

කොල්ලකරුවන් පළමුවෙන්ම ඔවුන් සඟවාගෙන සිටි පිස්‌තෝල ඉවතට ගෙන ගනුදෙනුකරුවන්ට සහ කාර්ය මණ්‌ඩලයට ඒවා එල්ල කරමින් මරණීය තර්ජන කර තිබේ.

පසුව ඔවුන් සියලු දෙනා දණ ගස්‌සවා සේප්පුවල තිබූ රන් ආභරණ සහ මුදල් කොල්ලකාගෙන ඇත.

කොල්ලකරුවන් අළු පැහැති කැබ් රථයකින් පැමිණ ඇති අතර පසුව ඔවුන් එම කැබ් රථයේම නැගී පලා ගිය බව සිද්ධිය දුටු අය පවසති

මෙම මූල්‍ය ආයතනය පිහිටුවනු ලැබුවේ මීට වසර 3 කට පමණ උඩදීය.

සිද්ධිය වන අවස්‌ථාවේ ආරක්‍ෂක නිලධාරියකුද මූල්‍ය ආයතනයේ සිට ඇති අතර කොල්ලකරුවන් ආරක්‍ෂක නිලධාරියා ද සිය ග්‍රහණයට ගෙන කොල්ලකෑම සිදුකර ඇත.

පසුගිය දින කීපයේ දීම ගම්පහ ප්‍රදේශයේ කොල්ලකෑම් කීපයක්‌ සිදුකළ අතර ඒ සියල්ල මෙම කොල්ල කණ්‌ඩායම විසින් සිදුකරන්නට ඇති බවට පොලිසිය සැකපහළ කරයි.

පස්‌දෙනකුගෙන් සමන්විත ළාබාල තරුණයන් පිරිසක්‌ මෙම කොල්ල කණ්‌ඩායමට සම්බන්ධ වී සිටින බවට තොරතුරු පොලිසියට ලැබී ඇත.

බස්‌නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්‌පති එල්. ජී. කුලරත්න, ගම්පහ පොලිස්‌ අධිකාරි විජිත කොමසාරු, පොලිස්‌ අධිකාරි රංජිත් මාසිංහ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ ගම්පහ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඒ. කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week