-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලොව විශාලතම කිරි ආහාර නිෂ්පාදන සමාගම වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගමේ කිරි නිෂ්පාදන තුල තිබී ‘බොටියුලිනම්’ නම් උග‍්‍ර විෂ බැක්ටීරියාව චීනයේ ආහාර තත්ව පරීක්‍ෂාවේදී හමු ව තිබේ. මේ සමඟම මහජන චීන බලධාරීන් නියෝග කර ඇත්තේ සියළු ෆොන්ටෙරා නිෂ්පාදන වෙළඳපලෙන් ඉවත් කර ගන්නා ලෙසයි.
බොටියුලිනම් නම් බැක්ටීරියාව මඟින් ආහාර විෂවීම් තත්වයන් වර්ධනය කරන අතර ක්‍ෂණික මරණ, සහ අංශ භාග තත්වයන්ද ඇතිවන බව වෛද්‍ය මතයයි.
නවසීලන්ත ෆොන්ටෙරා සමාගම මෙම චෝදනාව පිළිගනිමින් පවසා ඇත්තේ කිරිවලින් ප්‍රෝටීන් වෙන් කරගන්නා කම්හලකදී මෙම විෂ බැක්ටීරියාව එක්ව ඇති බවයි. නවසීලන්තයේ කර්මාන්ත අමාත්‍යාංශයද මෙය පිළිගෙන ඇත.
කෙසේ වෙතත් අන්තර්ජාල වාර්තා උපුටා දක්වන්නේ මෙම බොටියුලිනම් බැක්ටීරියාව තම නිෂ්පාදන තුල ඇති බව ෆොන්ටෙරා සමාගම පසුගිය මාර්තු මාසයේ පටන් දැන සිටි බවයි.
නව තත්වයත් සමඟ තහවුරු වන තවත් කාරණයක් වන්නේ ෆොන්ටෙරා සමාගම කිරිවලින් ප්‍රෝටීන ඉවත් කරගන්නා බවයි. එනම් එම ප්‍රෝටීන් වර්ගය වෙනත් අයුරකින් එක් කරන බවයි. එය ඞීසීඞී වැනි උග‍්‍ර විෂ රසායනද විය හැක. අනෙක් කරුණ තම කර්මාන්ත ශාලා කියන තරම් පිරිසුදු කමක් ඇති ඒවා නොවන බවද ෆොන්ටෙරා මවු සමාගම පිළිගෙන තිබීමයි.
ෆොන්ටෙරා සමාගම ශ‍්‍රී ලංකාවේද බෙදාහරින නිෂ්පාදනද ඇතුළු ඇන්කර්, ඇන්කර්1 ප්ලස්, ඩයමන්ඞ් සහ මැලිබන් නන්ෆැට් නිෂ්පාදනවල ඞීසීඞී විෂ රසායනය ඇති බව අවස්තා කිහිපයකදී ඔප්පු වී තිබියදී  තවත් පර්යේෂනාගාර සොයමින් ලොව පීරමින් සිටියදී චීන රජය පළමු පරීක්‍ෂණයෙන්ම මහජන සෞඛ්‍ය මුල් කොට සලකමින් සියළු නිෂ්පාදන වෙළඳපලෙන් ඉවත් කරගන්නා ලෙස ප‍්‍රබල බහුජාතික සමාගමට කල නියෝගය අතිශයින් ප‍්‍රශංසා කටයුතුය.
2012 වසරේදී බීබීසී වාර්තාකරුවෙක් චීන දුෂ්කර ගම්මානයක වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටීයේය. ඔහු ප‍්‍රශ්ණ කරන්නේ මැදි විය ඉක්ම වූ චීන ගොවියෙකුගෙනි. බීජිං නගරයේ අහස සිඹින ගොඩනැගිලි තිබියදී මෙම දුෂ්කර ගම්මානයේ දුක් විඳින්නේ මක් නිසාදැයි වාර්තාකරුවා අසයි.
‘එය ඔබ ප‍්‍රශ්ණයක් කර ගත යුතු නෑ. මේ අපේ රටයි. ඇත්තේ අපේ ආණ්ඩුවයි. බීජිං සංවර්ධනය ඉතා නුදුරේදී මේ කරා පැමිණෙනු ඇති. බීජිං උස් ගොඩනැගිලි අපට ආඩම්බරයක්. අපේ ඊළඟ පරපුර මේ ලොව පාලනය  කරන බව කියන සළකුණු ඒ. ඔබට ඇත්තේ බලා සිටීම පමණයි.’ පාරම්පරික චීන ගැමියා මැන්ඩරීන් භාෂාවෙන් දුන් කෙටි සරල පිළිතුරෙන් වාර්තාකරුවා පසුබා ගියේය.
සිය අනාගත පරපුර රකින ‘මහජන’ චීන රජයේ මේ ප‍්‍රබල තීරණය ඒ අහිංසක ගැමියාගේ සිතිවිල්ලට මහත් සාධාරණයක් ඉටු කර නැත්තේ යයි කෙසේ කිව හැකිද ?  ඔහුගේ විශ්වාසය බිඳ ඇතැයි කිව හැකිද ?

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week