ග‍්‍රෑන්ඞ් පාස් ස්වර්ණ ජයන්ති මාවතේ මෝලවත්ත මුස්ලිම් පල්ලියට කිසියම් කණ්ඩායමක් විසින් පහර දී ඇතැයි වාර්තා වේ.
පස්වරු යාඥාව සිදුවෙද්දී මෙම පහර දීම සිදුව ඇතැයි මුස්ලිම් කවුන්සිල ප‍්‍රකාශකයෙකු පැවසීය. මෙහිදී සිදු වූ ගැටුමින් කිහිප දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ආරක්‍ෂක අංශ විසින් ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තර කර තිබේ.(LCN)