-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

යුරේනි කියන්නේ අපේ රටේ ජනප‍්‍රිය නිලියක්. පසුගිය දවස්වල ඇය රංගනයෙන් එලියට ගිහින් අලූත් වැඩක් පටන් ගත්තා.Yn colection නමින් ව්‍යාපාරයක් ආරම්භ කළා. යුරේනි දැන් නිළි වෘත්තියෙන් ඇත් වෙලා ව්‍යාපාරික කාන්තාවක් වෙන්නද සුදානම. මේ කතාබහ ඒ ගැන දැන ගන්න.

යුරේනි කොහොම ද සැප සනීප?
හරිම නිවාඩු පාඩුවේ කාලය ගත කරනවා.

දැන් වැඩිපුර නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ නැතිද?

ගොඩක්ම වැඩවලට සම්බන්ධ වෙලා නැහැ. මොකද මම ව්‍යාපාරයක් පටන් ගත්තා Yn colection කියලා. ඒ අතරේ ටෙලිනාට්‍ය දෙකකටත් සම්බන්ධ වුනා.

ව්‍යාපාරයක් පටන් ගත්තේ නිළි වෘත්තීයේ කාලය නිසාද?

එහෙම දෙයක් නැහැ. තරුණ වයස තියෙනකම් රඟපෑම හොඳයි. දිගු කාලීනව වෘත්තීයක් විදියට කරන්න අමාරුයි.

Yureni Noshikaමේ වෘත්තීයෙන් ජිවත් වෙන්න අමාරුද?
ඕනෑම දෙයක් භාර ගන්න කෙනෙකුට මේ වෘත්තීයෙන් ජිවත්වෙන්න පුළුවන්. තෝරා බේරා ගෙන වැඩකරන කෙනෙකුට මේ වෘත්තීය ටිකක් අමාරු වෙන්න පුළුවන්.

ඒක ද සෙරප්පු විකුණන්න හදන්නේ?
ඔව්. මම හුඟක් තරුණ කොල්ලෝ කෙල්ලන්ට සෙරප්පු විකුණන්න පටන් ගත්තා. මම බොහොම සුළුවෙන් තමයි පටන් ගත්තේ.

නිලියන් ව්‍යාපාර පටන් ගන්න එක මෝස්තරයක් වෙලා?
ඒක විලාසිතාවක් ද කියලා කියන්න මම දන්නේ නැහැ. මගේ යහපත ගැන හිතලා තමයි මම ව්‍යාපාරයක් ආරම්භ කළේ.
රංගනයේදී අනාගතය ගැන වැඩිය හිතන්න බැරිද?

ඔව්. මොකද බැඳපු කාලෙක මම රඟපාන එකක් නැහැ. එතකොට මට ඕනෑ වෙනමම පවුල් ජිවිතයක් ගත කරන්න. බදිනකං රඟපානවා කිව්වොත් හරි.

ළඟදීම කසාද බදින්න වගෙයි හදන්නේ?
නැහැ. ළඟකදී නම් විවාහය වෙන්නේ නැහැ.

දැනට පෙම්වතියක්?
දන්නේ නැහැ.

පෙම්වතා ගැන කියන්න අකමැතිද?
අකමැත්තක් නෙමෙයි. මුහුද හත්ගව්වක් තියෙද්දි අමුඩ ගහන්න බැහැනේ.

ස්ථිර පේ‍්‍රමයක් නැතිද?
තියෙනවාද නැද්ද මම දන්නේ නැහැ.

ක්‍ෂේත‍්‍රයේ අයගෙන් ආදර යෝජනා ඇවිත් නැතිද?

එහෙම ආදර යෝජනා නම් ඇවිත් නැහැ.

යුරේනිටත් මුල අමතකයි වගේ?

අපොයි මට කවදාවත් මුල අමතක නැහැ.

කවදාවත් එහෙම කරලා නැතිද?

ජිවිතයට එහෙම කරලා නැහැ.
යුරේනි කියන්නේ දඟකාරීයක් ද? හැඩකාරියක්ද? විසේකාරියක්ද?

මම ඔය ඔක්කෝටම අයිතියි.

නිලියක් වුණේ කාගේ වුවමනාවට ද?

දෛවය හින්දා. මම කවදාවත් නිලියක් වෙන්න හිතපු කෙනෙක් නෙමෙයි. අහම්බයෙන් වුණ දෙයක්.

ඒ ගැන දුක් වෙනවාද?

කවදාවත්ම නැහැ. මොකද නිළියක් වීමෙන් මට ගොඩක් හොඳ දේවල් ලැබිලා තියෙනවා. මිනිස්සුන්ගේ ආදරය ලබන එකම ඇති.

රඟපෑමට ආසාවයි, ලස්සනයි විතරක් ප‍්‍රමාණවත්ද?

අපොයි නැහැ. දක්‍ෂතාවත් තිබිය යුතුයි. දැන් එන හුඟක් කට්ටියගේ ලස්සන මම දකිනවා. නමුත් දක්‍ෂතාව පිලිබඳ ප‍්‍රශ්ණාර්ථයක් තියෙනවා.

අලූත් මුහුණුවලට දක්‍ෂතාව නැහැ කියලනේ ඔය කියන්න හදන්නේ?

හැමෝටම නෙමෙයි. ගොඩක් අයගේ දක්‍ෂතාව දකිනවා අඩුයි.

අද කලේ නිවේදනය කරන අය රඟපානවා. රඟපාන අය නිවේදනය කරනවා. ඔය දෙකම කරන අය සින්දුත් කියනවා. ඔයාට මොකද හිතන්නේ?

මමත් සිංදුවක් කියන්න හිතාගෙන ඉන්නේ. මොකද සිංදු කියන අයනේ හම්බ කරන්නේ.

රඟපෑම අතහැරලා සිංදු කියන්නද සුදානම?

අයියෝ මට නම් සිංදු කියන්න බැහැ. බොරු කියන්න ඕන නැහැනේ. ඒ වුණාට ආසයි සිංදුවක් කියලා බලන්න.

පුළුවන් දෙයක් එපායැ කරන්න?

තරුණ කාලේ හැමදාම නැහැනේ. කාලය ඉක්මනින් ගෙවිලා යන එකක්. තමන් දක්‍ෂ නැති වුණත් සමහර දේවල් අත්හදා බැලිය යුතුයි. එතකොට තමයි තමන්ට කොයිතරම් දුරක් යන්න පුළුවන් ද කියලා දැන ගන්න පුළුවන්. තරුණ වයසට උපරිම දේ කළ යුතුයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week