Apple හි වාර්තාගත ඩොලර් බිලියන 149 ක ආදායාමත් සමඟම, මෙම ආදායමෙන් Apple කුමක් කල හැකි දැයි යන්න සොයා බැලීමත් ඉතා සිත් ඇද ගන්නා කාරණයක්. අනිවාර්යයෙන්ම ඔවුන්ට හැකියාව තිබෙනවා ගුවනේ සැරිසරන සැම පෞද්ගලික ජෙට් යනාවක්ම මිලදී ගැනීමට, ඒවගේම ලොව වටා ඇති බොහෝ දේපල වගේම විවිධ වූ දේ ඔවුන්ට මිලදී ගැනීමට හැකියාව පවතිනවා. එසේනම් ඔවුනට මේ ලොව ඇති රටවල් පවා මිලදී ගත හැකිද? එයට දීමට ඇති පිළිතුර නම් “ඔව්”.
එය එසේමයි, Apple සමාගම විසින් රවල් මිලදී ගැනීමට පවා හැකි තරම් අදායමක් මේ වනවිට උපයා තිබෙනවා. රටක වටිනාකම සලකා බැලෙන්නේ එම රටෙහි දළ දේශීය නිෂ්පාදන GDP (gross domestic product) අගය මතයි. Apple සමාගම සතුව ඩොලර් බිලියන 149 ක මුදල ප්‍රමාණයක් ඔවුන්ගේ අදායමෙන් වෙන් කිරීමට හැකියි. පහත සඳහන් වෙන්නේ ඒ ආකාරයෙන් මිලදී ගත හැකි රටවල් 20ක්. ඩොලර් බිලියන 149 ක budget එකකට මිලදී ගත හැකි තවත් රටවල් කිහිපයක් වාර්තා වුනත් මෙහිදී ඉදිරිපත් වෙන්නේ වඩා වැඩි අවදානයක් දිනා ගන්නා රටවල් 20ක් සම්බන්ධයෙනුයි. මේ කරුණත් ඔබේ සිතේ රඳවාගෙන එහෙනම් බලමු අපේ ශ්‍රී ලංකාවට ලැබෙන්නේ කී වෙනි ස්ථානයද කියලා…